මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රකට විද්වතෙක්, දේශපාලන ක්‍රියාකාරිකයෙක් මෙන්ම කලාකරුවෙක් ද වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද (2) අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මියයන විට 86 හැවිරිදි වියේ පසුවිය.
1933 මාර්තු මස 04 දින කොළඹ ද සොයිසා මාතෘ නිවසේ දී උපත ලද කාලෝ ෆොන්සේකා තම මූලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දී ලද අතර ද්වීතිය අධ්‍යාපනය සඳහා ඇතුලු වූයේ මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයටය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ ඔහු තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.
ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සිසු සිසුවියන් සිය දහස් ගණනකට ශිල්ප ලබාදුන් කාලෝ ෆොන්සේකා ග්රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.