-“කරදර පිට කරදර තියෙන බව දැනෙද්දී උදේ නිදි ඇඳෙන් නැගිටින එක සෑහෙන අමාරු දෙයක්. කිසිදෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා දැනෙන කොට තවදුරටත් ජිවත් වෙන්න ඕන නැහැ කියලා හිතෙන තත්වයට පවා සමහරවෙලාවට පත්වෙනවා.”-
වයස 20 ගණන්වලදී ගත් “වැරදි තීරණ” වැලක් නිසා “ලොවක් වෛර කළ පුද්ගලයෙක්” බවට පත්වූ අයුරු ගැන ජනප්‍රිය ගායන ශිල්පී ජස්ටින් බිබර් හැඟීම්බර ලියමනක් ලියා තිබේ.
සංගීත කළමනාකරුවකු වන ස්කුටර් බ්රෝන් විසින් වයස අවුරුදු 13 දී ලොවට හඳුන්වා දුන් බීබර්, තමන් අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටි බව සහ සිය සබඳතා අනිසි ලෙස යොදා ගත් බවට එමඟින් පිළිගෙන ඇත.
“මම කිසිවක් නුරුස්සන, කාන්තාවන්ට අගෞරව කළ සහ නිතරම කෝපගත් කෙනෙක් බවට පත්වුණා.”
“මට ආදරය කළ සෑම කෙනෙක්ගෙන්ම මම දුරස් වුණා. එය නැවත කවදාවත් නිවැරදි කරන්න නොහැකි වනු ඇතැයි මට දැනුණේ”
සිය මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳව අවංකව අදහස් ඉදිරිපත් කළ මේ කැනේඩියානු ගායන ශිල්පියා, යොවුන් වියේ දී දිගින් දිගටම ලැබූ පැසසුම් ජීවිතය පිළිබඳ තමන්ගේ ඉදිරිදැක්ම විකෘති කර දැමු ආකාරය පිළිබඳව ද පැහැදිලි කර තිබුණි.
“ඔවුන් කොයිතරම් මට ආදරය කරනවාද, මම කොයිතරම් විශිෂ්ට ද කියලා මිලියන ගණනක් ජනතාව කියද්දී, ලෝකයේ වම් කෙලවරේ පටන් දකුණු කෙලවර දක්වා පැසසුම් ලබන්න කුඩා නගරයකින් ආපු අවුරුදු 13 ක පිරිමි ළමයෙක් මම,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
“තරුණ පිරිමි ළමයෙක් විදියට ඒ වගේ දේවල් ඇතිවෙන්න ඇහෙන කොට ඔබ ඇත්තටම ඒවා විශ්වාස කරන්න පටන් ගන්නවා”
“හැමෝම මම වෙනුවෙන් හැමදේම කළා. ඒ නිසා මම කිසිදාක වගකීම කියනදේ ඉගෙන ගත්තේ නැහැ,” යැයි ජස්ටින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සඳහන් කර තිබේ.
පොදු දෙපලට හානි සිදු කිරීම, අනාරක්ෂිතව රිය පැදවීම වැනි වැරදි හේතුකොට ගෙන ඔහු 2014 වසරේ දී කිහිප වරක් අත්අඩංගුවට පත්වුණි.
“කරදර පිට කරදර තියෙන බව දැනෙද්දී උදේ නිදි ඇඳෙන් නැගිටින එක සෑහෙන අමාරු දෙයක්. කිසිදෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා දැනෙන කොට තවදුරටත් ජිවත් වෙන්න ඕන නැහැ කියලා හිතෙන තත්වයට පවා සමහරවෙලාවට පත්වෙනවා.”
කොහොම නමුත් සිය විශ්වාසය සහ බිරිඳ හේලි බෝල්ඩ්වින් ඇතුළු පවුලේ සියලු දෙනාගේ උපකාරයෙන් ජීවිතය හොඳ පැත්තට හරවා ගැනීමට තමන්ට හැකි වූ බව ජස්ටින් පවසයි.
“අරගත් වැරදි තීරණ හදාගන්න, බිඳ වැටුණු බැඳීම් සහ සම්බන්ධතා පුරුදු හදා ගන්න මට කාලයක් ගත වුණා. වාසනාවකට, දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට පුදුම විදියට ආදරය කරන පිරිසක් මා වටා සිටිනවා.”
“දැන් මගේ ජිවිතයේ හොඳම කාලය වන ‘විවාහය’ තුළ මම සැරිසරමි.”
-අවාරා-