සල්මන් රශ්ඩිගේ “Quichotte” මෙවර බුකර් සම්මාන අවසන් නිර්දේශ අතරට
ලෝක ප්‍රකට ගත් කතුවර සල්මන් රශ්ඩිගේ අලුත්ම නවකතාව “Quichotte” මෙවර බුකර් සම්මාන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෘති 6 අතරට එක්ව තිබේ.
2019 බුකර් ත්‍යාගය අවසන් වටයේ නිර්දේශ ග්රන්ථ අද (3) ලන්ඩන් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශයට පත් කෙරුණි.
මාගරට් ඇට්වුඩ්ගේ “The Testaments”, බර්නාඩින් එවරිස්ටෝගේ “Girl, Woman, Other” , චිගොසි ඔබිඕමාගේ “An Orchestra Of Minorities”, එලිෆ් ශෆාක්ගේ “10 Minutes 38 Seconds In This Strange World” සහ ලුසී එල්මන්ගේ “Ducks, Newburyport” සම්මානය සඳහා තරග වදින සෙසු නවකතා වේ.
සල්මන් රශ්ඩි සහ මාගරට් ඇට්වුඩ් දෙදෙනාම මින් පෙර බුකර් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ. ඒ පිළිවෙලින් Midnight’s Children කෘතිය සඳහා 1981 දී සහ The Blind Assassin කෘතිය සඳහා 2000 වසරේ දී ය.
එසේම 1986 දී බුකර් සම්මානය අවසන් වටයේ නිර්දේශ අතරට මාගරට්ගේ “The Handmaid's Tale” සුදුසුකම් ලබා තිබුණි. මෙවර ත්‍යාගය සඳහා නිර්දේශ ලැබූ “The Testaments” යනු “The Handmaid's Tale” කෘතියේ අනුබන්ධය වන අතර එය නිළ වශයෙන් පළ කරනු ලබන්නේ එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා වීම විශේෂත්වයකි.
2019 බුකර් ත්‍යාගය සඳහා ඉදිරිපත් කළ මුළු නවකතා ප්‍රමාණය 151 කි. එළඹෙන ඔක්තෝබර් 14 වැනිදා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.