“ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන” උළෙල අද පස්වරුවේ
21 වැනි “ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන” උළෙල අද (5) දින පස්වරු 3.00 සිට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
2018 වසරේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත් වූ නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය ග්රන්ථ, ශාස්ත්‍රීය ග්රන්ථ, යොවුන් නවකතා, පරිවර්තන නවකතා, ආදී සාහිත්‍ය ප්‍රවර්ගයන්ට අයත් කෘති 300 ක් අතරින් කෘති විසි තුනක් එහිදී සම්මානයට පාත්‍ර කිරීමට නියමිත ය.
එසේම ලාංකීය සාහිත්‍යයේ අභිවෘද්ධියට, භාෂාත්‍රයෙන්ම දායකත්වය දැක්වූ ප්‍රාමාණික සාහිත්‍යධරයන් තිදෙනෙකු ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන 'ගොඩගේ දිවමන් ප්‍රසාද ප්රණාම’ සම්මානයෙන් අද දින පිදුම් ලබනු ඇත.
තොරතුරු : අනුරසිරි හෙට්ටිගේ
සබැඳි පුවත්
“ගොඩගේ සාහිත්‍ය සම්මාන 2019” නිර්දේශ ග්රන්ථ