අජිත් ගලප්පත්ති ලියූ “රූපයේ අසන්ධිමිත්රකම” එළඹෙන 16 එළිදකියි
අජිත් ගලප්පත්ති ලියූ “රූපයේ අසන්ධිමිත්රකම” රූප සමුච්ච විචාර ග්‍රන්ථය සැප්තැම්බර් 16 දින සවස 3ට ජාතික චිත්‍රපට සංස්ථාවේදී සහෘද ගත කිරීමට නියමිත ය.
වර්තමාන ශී‍්‍ර ලාංකිකයන්ගේ මාධ්‍ය භාවිතය සහ රසවින්දන ස්වරූපය නිරීක්ෂණය කරමින් ලියවුණු මෙම කෘතිය අජිත් ගලප්පත්ති විසින් හඳුන්වා දෙනු ලබන රූප සමුච්ච විචාරය (photomontage criticism) නම් නවතම විචාර ක්රවේදය භාවිතා කරමින් රචනා කොට ඇත.
ආචාර්ය සරත් අමුණුගම සහ දිප්ති කුමාර ගුණරත්න මෙහිදී ප්‍රධාන දෙසුම් පවත්වති. ස්වර්ණා මල්ලවාරච්චි, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, ශ්‍රියානි අමරසේන, නදීකා ගුණසේකර, නිල්මිණි සිගේරා යන රංගන ශිල්පිනියන් සහ චිත්‍රපට සංස්ථා සභාපතිනිය වෙත මෙම ග්‍රන්ථයේ මුල් පිටපත් පිළිගැන්වීමට නියමිතය.
චිත්‍රාල් සෝමපාලගේ ගීත ගායනයක් එදින සිදු කෙරෙන අතර අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ නවතම කෙටි චිත්‍රපටය ද එදින ප්‍රදර්ශනය කෙරේ.
අජිත් ගලප්පත්ති ලියූ “රූපයේ අසන්ධිමිත්රකම” සරසවි ප්රකාශනයකි.
රූප සමුච්ච විචාරය (photomontage criticism)
‘රූප සමුච්ච විචාර විධිය’ යනු වෙන් වෙන් වශයෙන් පවත්නා රූප අපූර්ව අර්ථ ජනනය වන පරිදි සංරචනය කිරීම සහ එම නව රූපය විශ්ලේෂණය කිරීමයි. මෙම නව විචාර විලාසය රූපයේ සහ සිනමා රූපයේ රූපීය බව පදනම් කර ගන්නා නව අවලෝකන මගකි. මෙය රූපයේ අසන්ධීය හෙවත් විසංස්ථාපන බව අර්ථකථනය කිරීම සඳහා අප විසින් යෝජනා කෙරෙන නව විචාර විධියකි. මැනවින් ගලපන රූපාවලිය හෙවත් රූප සමුච්චයක් වන චිත්‍රපටය දෙස රසිකයාට පේ්රක්ෂාවෙන් බැලීම සඳහා මෙම නව විමසුම් මග ඉවහල් වෙයි. සිනමාකරුවා විසින් යෝජිත රූපය උචිත පරිදි විසන්ධීය කොට නව අර්ථ උපදවාලීම රසිකයාට පැවරීම මෙම රූප සමුච්ච විචාරයෙහි අර්ථයයි. එනම් සිනමාකරුවාගේ සුංසංයෝජිත රූපය රසිකයා වෙතින් විසංයෝජනය වීමක් මෙමගින් අපේක්ෂා කෙරේ. ‘සමුච්ඡේදනය’ යනු මනා සේ සිඳීමයි. සමුච්චිත රූපය මනා සේ සිඳීමෙන් රසිකයා තම සිතැඟි පරිදි නව රූපයක් ගලපා ගනී. එබැවින් මෙය රසිකයාගේ විචාරශීලී රසවින්දනය පුළුල් කරන්නට හේතු වන පෙළඹුමකි. චිත්‍රපටය නම් වූ සංකීර්ණ රූප සංරචනයේ අර්ථ නිරාකරණයට සහ නව බහු අර්ථ ජනනයට මෙම රූප සමුච්ච විචාරය ඉවහල් වනු ඇත.