දේශීය සිනමා රසිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච්.ඩී. පේ‍්‍රමසිරි නිෂ්පාදනය කළ විජයබා කොල්ලය මේ මස 14 දිනට දින හැත්තෑ පහක් සපිරෙයි.
ලක්ෂ 600ක ට ආසන්න පිරිවැයක් ප්‍රථම පිටපත් දක්වා වියදම්ව ඇති විජයබා කොල්ලය ඩබ්ලිව් ඒ. සිල්වා විසින් රචිත විජයබාකොල්ලය ඵෙතිහාසික නවකතාව කේන්ද්‍රකොට තිස්ස අබේසේකර විසින් ලියන ලද තිර පිටපතකින් නිර්මාණය කරන ලද්දකි.
මෙහි හෝමාල් රණසිංහ, අෂාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා මෙන්ම චුලක්ෂි රණතුංග ප්‍රධාන චරිත නිරුපණය කරන ලදී.
දින 75 න් පසු සිනමා ශාලාවලින් විජයබා කොල්ලය පේ්රක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවක් නොලැබෙන අතර එය නුදුරේදීම ඩී.වී.ඩි. පටයකින් දැක බලාගන්නට හැකිවනු ඇත. විජයබා කොල්ලය සිය ආදායම් ඉලක්ක සපුරා ගත් චිත්‍රපටයක් බවට ඉතිහාසයට එකතු වනු ඇත.
මේ පිළිබඳව මිරර්ආර්ට්ස් කළ විමසුමකදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැවසූයේ පේ්රක්ෂකයන් සිනමා නිර්මාණ නැරඹීමට සිනමා ශාලාවට පැමිණීමේ අඩුවක් ඇති බවයි. ලක්ෂ 10ක් ලෙස අපි සංඛ්‍යාත්මකව ගණන් හැදූ පේ්රක්ෂකයන් ලක්ෂ පහ දක්වා අඩුවී ඇති බව ඔහු ප්‍රකාශ කළේය. රෂ් චිත්‍රපටය තුළින් අපට මේ වෙනස්කම් පිළිබඳව අධ්‍යනයක් කළ හැකි බවද පෙන්වා දුන් ඔහු රෂ් වාණිජ ධාරාවේ චිත්‍රපටයක් බැවින් එයට කුමන ආකාරයේ පේ්රක්ෂක දායකත්වයක් ලැබේද යන කාරණයත් සමග සිනමා පේ්රක්ෂක ගහනය විමර්ෂණය කළ හැකි බවත්. මේ අනුව අනාගත සිනමා නිර්මාණ නිෂ්පාදනය පිළබඳ අලුතෙන් හිතන්නට වන බවත් පැවසීය.
දේශීය සිනමා කර්මාන්තයේ නිර්මාණ පිළිබඳ පේ්රක්ෂකයන්ගේ දායකත්වය වර්ධනය කර ගැනීමට විවිධ ආකාරයේ සිනමා නිර්මාණ බිහිවිය යුතු වනවා සේම පසුගය කාලයේ සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණ වෙත වැඩි සිනමා ප්‍රේක්ෂක දායකත්වයක් තිබිණ.
කෙසේවුවත් අර්බූදකාරී සිනමා කර්මාන්තය ගොඩ ගනුවස් කර්මාන්තයේ නියුතුවූවන් විවිධ රසවින්දනයන්ගෙන් පිරි සිනමා නිර්මාණ පේ‍්‍රක්ෂකාගාරයට යැවීමට උත්සුක විය යුතු ය. විජයබා කොල්ලයෙන් පසු රෂ් සහ සුනාමි තුළින් පොදු පේ්රක්ෂකාගාරය විමසා බලන්නට හැකි වනු ඇත