මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට ජයග්‍රාහකයින් දෙදෙනෙක්
නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමීමට නියමිත වන්නේ අද (10) දිනයේ දී ය.
මෙවර ත්‍යාගය සඳහා සුදුසුකම් ලැබුවන් ලෙස සඳහන් වන්නේ හෑන්ඩ් මේඩ්ස් ටේල් රචිකා මාගරට් ඇට්වුඩ්, කැනේඩියානු ලේඛිකා ඈන් කාසන් සහ රුසියානු ලේඛිකා ලීඩ්මිලා උලිට්ස්කායා ය.
නොබෙල් සම්මානය ලබාදෙන ස්වීඩන් ඇකඩමියේ සිදු වූ මතබේදාත්මක සිදුවීමක් මුල්කරගනිමින් 2018 වසරේ දී නොබෙල් සාහිත්‍ය සම්මානය පිරි නැමීම අත්හිටවූ බැවින් මේවසරේ දී ජයග්‍රාහකයින් දෙදෙනකු නම් කිරීමට නියමිත ය.
ජයග්‍රාහකයා හට පවුම් හත් ලක්ෂ හතලිස් දහසක මුදලක්, පදක්කමක් සහ ඩිප්ලෝමාවක් හිමිවේ.
1901 පටන් නොබෙල් සාහිත ත්‍යාගය ප්‍රධානය කෙරෙන අතර පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය පැවති කාල සිමාවේ දී එය ලබා නොදුණි.