පීටර් හෑන්ඩ්කට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම ගැන දැඩි විවේචන
ලේඛක පීටර් හෑන්ඩ්කට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීමට ගත් තීරණය විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
ඔස්ට්‍රියානු ජාතික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක් සහ කවියෙක් වන පීටර් 2019 වසර සඳහා නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවේ 10 බ්‍රහ්සපතින්දා ය.
1990 ගණන්වල යුගෝස්ලෝවියා යුද සමයේ දී සර්බියානුවන්ට සහයෝගය ලබාදීම නිසා දැඩිව මතභේදයට ලක්වූ පුද්ගලයෙක් ලෙස ඔහු සැලකේ. බොස්නියාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සර්බියාව විසින් සැලසුම් සහගතව ජන සංහාරයක් සිදු කළ බව පීටර් හෑන්ඩ්ක ප්‍රතික්ෂේප කළේ ය. එම ප්‍රකාශය පිළිබඳ පසුව ඔහු සමාව ඉල්ලා තිබුණි. කෙසේ නමුත් හිටපු සර්බියානු නායක ස්ලෝබෝඩන් මිලෝසෙවිච්ගේ සමීපතමයකු ලෙස සැලකෙන පීටර් හෑන්ඩ්කට නොබෙල් ත්‍යාගය පිරිනැමීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්ව ඇත.
අල්බේනියා විදෙස් ඇමති සිය ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ “වර්ග සංහාරයක් සිදු වූ බව පිළිනොගත්” පුද්ගලයෙකුට සම්මානය ප්‍රධානය කිරීම ලැජ්ජාවට කරුණක් බවයි.
කෙසේ වෙතත්, නොබෙල් ත්‍යාගය හිමිවීමෙන් තමන් “විශ්මයට” පත්වූ බවත් “ස්වීඩන් ඇකඩමිය ගත් තීරණය ඉතාමත් ධෛර්යසම්පන්න” එකක් බවත් ඔස්ට්‍රියානු ලේඛක ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඔහුට පවුම් හත් ලක්ෂ හතලිස් දහසක මුදලක්, පදක්කමක් සහ ඩිප්ලෝමාවක් හිමිවීමට නියමිත ය.