2018, 2019 වසරවල නොබෙල් සාහිත ත්‍යාග ඔල්ගා ටොකාර්සුක් සහ පීටර් හෑන්ඩ්කට
පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකාර්සුක් සහ ඔස්ට්‍රියා ලේඛක පීටර් හෑන්ඩ්ක මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ හ.
2019 සහ 2018 වසර දෙක සඳහා ජයග්‍රාහකයින් දෙදෙනකු මෙවර නම් කෙරුණි. ඒ නොබෙල් සම්මානය ලබාදෙන ස්වීඩන් ඇකඩමියේ සිදු වූ මතබේදාත්මක සිදුවීමක් මුල්කරගනිමින් පසුගිය වසරේ දී නොබෙල් සාහිත්‍ය සම්මානය පිරි නැමීම අත්හිටවූ බැවිනි.
ඉකුත් වසරේ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ඔල්ගා ටොකාර්සුක් 2018 වසරේ නොබෙල් ත්‍යාගයෙන් ද පීටර් හෑන්ඩ්ක මෙ වසරේ නොබෙල් ත්‍යාගයෙන් ද ඒ අනුව පිදුම් ලැබූ හ.