නිලූක කදුරුගමුවගේ පරිවර්තනයක් වන “නිළියන් තේරීමේ පරීක්ෂණය සහ තවත් කතා” දෙසැම්බරයේ එළිදකියි
රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ලේඛක නිලූක කදුරුගමුව විසින් පරිවර්තනය කළ කෙටිකතා එකතුවක් දෙසැම්බර් මස 7 වැනිදා එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි.
“නිළියන් තේරීමේ පරීක්ෂණය සහ තවත් කතා” ලෙස නම් කර ඇති මෙම කෘතියෙහි ලෝ ප්‍රකට කෙටිකතාකරුවන් විසි දෙනෙකුගේ නිර්මාණ 24 ක් ඇතුලත් ය.
විදර්ශන ප්රකාශනයක් වන මෙම කෙටිකතා සංග්රහයෙහි ඇතුලත් වන්නේ ගී ද මෝපසං, අර්නස්ට් හෙමිංවේ, ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්, ඉතැලෝ කැල්විනෝ, ඇල්බර්තෝ මොරාවියා, ඔක්තාවියෝ පාස්, ආර්. කේ. නාරායන්, සදාත් හසන් මන්තෝ, රියුනොසුකේ අකුතගාවා, ෆ්රාන්ස් කෆ්කා, ඉසබෙල් අයියන්දේ, ලුයිජී පිරන්දෙල්ලෝ, සුනීතා ජයින්, ගුලාම් අබ්බාස්, රොස් බියර්ස්, ගුලබ්දාස් බ්‍රෝකර්, ඊලා අරාබ් මෙහ්නා, ශර්වුඩ් ඇන්ඩරසන්, ලියාම් ඔෆ්ලහර්ට්, කේට් ශොපෑන් ආදීන්ගේ කෙටිකතා ය.
නිලූක කදුරුගමුවගේ පරිවර්තනයන් වන “මුහුද යට දිවයින” 2018 වසර සඳහාත්, “රන් වරලැති ලිය” 2019 වසර සඳහාත් හොඳම පරිවර්තන නවකතා ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය.