භාරත සිනමාවේ ගීත කෝකිලාව දැන් සුවෙන්
භාරත සිනමාවේ ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර්ගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බව ඇයගේ පවුල විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
“ලතා මංගේෂ්කාර් මහත්මියගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරී තිබෙනවා වගේම ඇය සුවෙන් පසුවනවා. ඇය වෙනුවෙන් කළ යාඥාවන්ට බෙහෙවින් ස්තුතියි. අපි ඇය සම්පුර්ණයෙන් සුව වනතෙක් බලාගෙන සිටිනවා එවිට ඇයට නිවෙසට පැමිණිය හැකි වේවී.”
90 හැවිරිදි වියේ පසුවන ලතා මංගේෂ්කාර් පසුගියදා මුම්බායි හි පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලද්දේ ශ්වසන අපහසුතාවයක් නිසා ය.
ඉන්දියාවේ නයිටිංගේල් ලෙස හඳුන්වන මේ ප්‍රවීන ගායිකාව භාරත් රත්න, පද්ම විභූෂණ, පද්ම භුෂන්, ජාතික සම්මාන සහ ෆිල්ම්ෆෙයා ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. 13 හැවිරිදි වියේ දී ගායන ක්ෂේත්රයට පිවිසි ඇය එදා මෙදා තුර බොලිවුඩ් සිනමාවේ ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ කලාකාරිනිය කි.