නාසි වධකාගාර ගැන නෙට්ෆ්ලික්ස් වාර්තා ටෙලියට පෝලන්තයේ නොසතුට
නාසි වධකාගාර ගැන කියවෙන “The Devil Next Door” වාර්තා ටෙලි මාලාවේ වෙනස්කම් සිදු කරන මෙන් ඉල්ලා පෝලන්ත අගමැති නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන ආයතනයට ලිපියක් යොමු කර තිබේ.
ටෙලියේ ඉදිරිපත් කළ සිතියමකින් පෙන්නුම් කෙරෙන්නේ ඝාතකාගාර, වර්තමාන පෝලන්ත දේශසීමා තුල පිහිටන බවක් යැයි මැතියස් මොරවියෙකි පවස යි.
දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මානුවන් විසින් පවත්වාගෙන ගිය වදකාගාර සඳහා වගකිව යුත්තේ පෝලන්තය යැයි එමඟින් වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව වැඩිදුරටත් ඔහු එහි සඳහන් කර තිබේ.
වාර්තා ටෙලියට අදාළ කරුණු පිලිබඳ සැලකිලිමත් වන බව නෙට්ෆ්ලික්ස් ආයතනය රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය සටහන් කරමින් ජර්මානු නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කළේ 1939 දී ය. මානව ඉතිහාසයේ විශාලතම මිනිස් ඝාතකාගාරය වන අවුශ්විට්ස් ඇතුළු වදකාගාර ජර්මානුවන් ඉදිකළ අතර ඒ වදකඳවුරු තුළදී ඝාතනයට ලක් කළ මිනිස් ජිවිත ප්‍රමාණය මිලියන ගණනකි. ඒ අතුරින් වැඩි පිරිසක් යුදෙව් ජාතිකයන් වේ.
“මතකයට ගරු කරන්න, දෙවැනි ලෝක යුද්ධය සහ සමූල ඝාතන ගැන සත්‍යය ආරක්ෂා කරන්න,” යනුවෙන් පෝලන්ත අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ලිපියෙහි සඳහන් කර ඇත.