කඳවුරේ දී ලියූ පොත නිසා සරණාගත ලේඛකයාට නවසීලන්තයට යාමට වරම්
මානුස් දුපතෙහි ඕස්ට්‍රේලියා රජය විසින් පවත්වාගෙන යන සරණාගත කඳවුරක සිටිය දී වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ කෘතියක් ලියූ දේශපාලන රැකවරණ අපේක්ෂා කළ පුද්ගලයෙක්ට සය වසරකට පසු එම දූපතෙන් පිටව යාමට අවස්ථාව හිමිව තිබේ.
ඉරාන ජාතික බෙහෙරුස් බූචානි ඒ අනුව අද (14) දිනයේ දී නවසීලන්තයට පැමිණ ඇත.
නීති විරෝධිව බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණයට වීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ මේ මාධ්‍යවේදියා පැපුවා නිව් ගිනීයා මානුස් දූපතට යොමු කළේ 2013 වසරේ දී ය. බෙහෙරුස්, දේශපාලන රැකවරණය අපේක්ෂා කළ නමුත් ඕස්ට්‍රේලියාවේ දැඩි සරණාගත නීති නිසා එය සාර්ථක නොවී ය.
“මම නවසීලන්තයට ආවා විතර යි. හය වසරකට වැඩි කාලයකට පස්සේ නිදහස බුක්ති විඳින්න ලැබීම ගැන සතුටුයි,” යනුවෙන් ඔහු පවසා ඇත.
“ක්‍රයිස්ට්චර්ච් හි සාහිත්‍ය උලෙළකට මට ආරාධනා ලැබුණා. එයට මම සහභාගී වෙනවා. මේ අවස්ථාව සැබෑවක් කළ සියලු මිතුරන්ට ස්තුතියි”
මානුස් දුපතෙහි සිටිය දී රචිත, 2018 දී වික්ටෝරියානු සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ “No Friend But the Mountains” කෘතිය නිසා ඔහුට මෙම අවස්ථාව හිමි විය. නවසීලන්ත රජය විසින් බෙහෙරුස්ට මාසයකට වීසා ලබා දී ඇති අතර නොවැම්බර් අග දී පැවැත්වෙන සාහිත්‍ය උලෙළට සහභගි වීමට ඔහුට ඒ අනුව අවස්ථාව හිමිවේ.