“විෂම භාග” දෙසැම්බරයේ සිට රිදී තිරයට
ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග සිනමාපටය දෙසැම්බර් 16 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උලෙළයන් 2ක් නියෝජනය කිරීමට මෙම වසරේ දී නිළ වශයෙන් සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය වන "විෂම භාග" සඳහා පන්සිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න, ජැක්සන් ඇන්තනී, කෞෂල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගනයෙන් එක්වී තිබේ.
ලලිත් රත්නායක තිර රචනයෙන් ද, පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, චාමර රුවන්තිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත පූර්ණවංශ වේශ නිරූපණයෙන් ද “විෂම භාග” සඳහා සිය දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය ශ්‍රද්ධා ෆිල්ම් විසිනි.