මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වෙයි
සිංහල භාෂාවට හා සාහිත්‍යට අනූපමේය සේවයක් කළ, රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසු විය.
1981 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට පත්වූ මහාචාර්ය විනී විතාරණ 1993 දී විශ්‍රාම ගන්නා තුරුම එම විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවය කළේ ය. විශ්‍රාම ගැනීමෙන් පසුව ද ආරාධිත මහාචාර්යවරයකු ලෙස කැලණිය, ජයවර්ධනපුර, සබරගමුව විශ්වවිද්‍යාලවලත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේත් ඔහු ඉගැන්වීම් කටයුතු සිදු කළේ ය.
සිංහල හා ඉංග්‍රීසි කෘති විශාල ප්‍රමාණයක් රචනා කර ඇති එතුමා සිංහල සම්භාව්‍ය ග්රන්ථ ඉංග්‍රීසියට නැඟීමෙහි ලා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. මහාචාර්ය විනී විතාරණ විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ කෘති අතර සද්ධර්ම රත්නාවලිය, මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ සහ මයුර සංදේශය වේ.
මහාචාර්ය විනී විතාරණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ඡායාරුප: දයාන් විතාරණ