‘ආදරණීය නිහාල්’ අනුස්මරණය දෙසැම්බර් 7
80 දශකයේ රංගන ශිල්පීන් අතර නිහාල් සිල්වා දක්ෂ අතිශය ජනප්‍රසාදයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි. නමුත් අවුරුදු 34ක් වැනි කෙටි කාලයක් ආයු වළ¼දා ඔහුට ජීවන ගමන නිම කිරීමට සිදුවීම ඉතා කනගාටුදායක සිදුවීමක් වගේම රංගන ක්ෂේත්රයට සිදුවූ ඉමහත් පාඩුවකි. මේ වසරේ දෙසැම්බර් මස වනවිට ඔහු මියගොස් වසර 30ක් ගතව ගොස් හමාරය. මේ නිමිත්තෙන් ධර්මජිත් පුනර්ජීව, සුදර්ශී ආයතනය සහ මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව එක්ව නිහාල් සිල්වා අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙහි ප්‍රධාන සංවිධායක ධර්මජිත් පුනර්ජීව එම සුවිශේෂී අවස්ථාව සහ නිහාල් සිල්වා පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
“නිහාල් සිල්වා, විජය කුමාරතුංග, එච්.ආර්. ජෝතිපාල, ගාමිණී ෆොන්සේකා වැනි කලාකරුවන් තරමටම වේදිකාවේ ජනප්‍රිය චරිතයක්. සාජන්ට් නල්ලතම්බි නාට්‍යයෙන් ඔහු ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය වුණා. මෙය 80 දශකයේ ඉතාම ජනප්‍රිය වුණු ඉතාම අඩු කාලයකදී දර්ශන වාර 1000ක් පමණ වේදිකාගත කළ නාට්‍යයක්. එය එකල සිටි රාජ්‍ය නායකයන්ගේ පවා සිත් දිනාගත් නාට්‍යයක්.
හාසේයාත්පාදන නාට්‍යයක් වන සාජන්ට් නල්ලතම්බි වගේම බර්ට්‍රෝල් බේරෂ්ට්ගේ නාට්‍යයක් ඇසුරින් නිර්මාණය කළ “පුන්තිලා” නාට්‍යයට රංගනයෙන් දායක වී නිහාල් සම්භාව්‍ය වේදිකාවේත් දස්කම් දක්වනු ලැබුවා. ඒ වගේම ඔහු සිනමාවට පිවිස චිත්‍රපට 53කට පමණ රංගනයෙන් දායක වුණා. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඔහු මියගොස් වසර 30ක් ගතව හමාරයි.
නමුත් මේ වසර 30ක කාලය තුළ කිසිවෙක් ඔහුව අනුස්මරණය කිරීමට පෙලඹුණේ නැහැ.
එයට හේතුව ලෙස මා දකින්නේ ඔහුගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන ඇතැම් මිනිසුන් ඔහුගේ සාජන්ට් නල්ලතම්බි චරිතය අනුකරණය කරමින් බඩගෝස්තරවාදී කලාවක නිරත වීම.
නමුත් මේ කාලයේ එවැනි දුෂ්ට බලවේග හාන්සිවෙලා කියලා දැනගත්තම තීරණය කළා ඔහුට ආදරය කරන පිරිසක් හැටියට ඔහුව අනුස්මරණය කරන්නට.
ඒ නිසා මම යෝජනා කළා නිහාල් සිල්වා වැනි කලාකරුවන් බිහි කරන සුදර්ශී ආයතනයේදී ඔහුව අනුස්මරණය කිරීමට වැඩපිළිවෙළක් යෙදීමට.
මෙලෙස ඔවුන් සංවිධානය කළ නිහාල් සිල්වා අනුස්මරණ උත්සවය දෙසැම්බර් මස 07 වැනි දින පස්වරු 5ට සුදර්ශී ආයතනයේ එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී ප්‍රවීණ රංගන ශිල්පියෙක් අධ්යක්ෂවරයෙක් වන ජැක්සන් ඇන්තනී සහ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි නිහාල් සිල්වා පිළිබඳව අනුස්මරණ දේශන දෙකක් පැවැත්වීමට නියමිතය.
ඒ වගේම නිහාල් සිල්වාගේ රංගනය පිළිබඳව විචාරය කරමින් ඔහුගේ සමකාලීන කලාකරුවන් විසින් ලියන ලද ලිපි එකතුවක් ධර්මජිත් පුනර්ජීව විසින් සංස්කරණය කර එය “ආදරණීය නිහාල්” නමින් ග්රන්ථයක් ලෙසින් එළිදැක්වීමටත් කටයුතු සූදානම් කර තිබේ.
ඊට අමතරව ධර්මජිත් පුනර්ජීව විසින් නිහාල් සිල්වා පිළිබඳව නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයක් වන “නිහාල් සිල්වා නමැති නළුවාගේ නැඟීම සහ බිඳවැටීම” යන වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමටද නියමිතය.
අනු අංගයක් ලෙසින් රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා විසින් පුන්තිලා නාට්‍යයේ ගීත කිහිපයක්ද එදිනට ඉදිරිපත් කිරීමට නියමිතය.
කලා ක්ෂේත්රයට මහඟු මෙහෙවරක් කළ නිහාල් සිල්වාගේ මෙම අනුස්මරණ උත්සවයට සහභාගි වීමට එතුමාට ආදරය කරන එතුමාගේ නිර්මාණවලට ඇලුම් කරන රසික ඔබ වෙනුවෙනුත් ඉඩකඩ වෙන්වී තිබේ.
ඉරේෂා කල්හාරි සේනාධීර
මව්බිම