ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය 2020-2021 වර්ෂය අයදුම්පත් කැඳවයි
2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා ඉන්දියාවේ ප්‍රාසාංගික හා දෘශ්‍ය කලා ශිෂ්‍යත්ව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රාසාංගික හා දෘශ්‍ය කලා උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා ඇත.
- ඉන්දියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල සහ ආයතන/ගුරුකුලයන්හි ප්‍රාසාංගික කලා හා දෘශ්‍ය කලා (ශාස්ත්‍රීය සංගීතය, ශාස්ත්‍රීය නර්තනය හා කලාව) උපාධි සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ශිෂ්‍යත්ව පරිපාලනය කරනු ලබන්නේ නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දියානු සංස්කෘතික සම්බන්ධතා කවුන්සිලය (ICCR) විසිනි.
- ICCR ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් වසරක් සඳහා ශිෂ්‍යත්වයක් ලබා දෙන අතර ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් පසුවසර තුනක් දක්වා දීර්ඝ කළ හැකිය.
- සුදුසුකම් අයදුම්කරුවන් :i. වයස අවුරුදු 18 ත් 30 ත් අතර වියයුතුය.
- අයදුම් කරන ලද විෂයසඳහා “බී” සාමාර්ථයක්ඇතුළුව අ.පො.ස. උසස් පෙළ සඳහා අවම වශයෙන් සාමාර්ථ තුනක් තිබිය යුතුය (උදා: නර්තනය, සංගීතය හෝචිත්ර කලාව සඳහා).
iii. අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් තිබිය යුතුය.
- අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා පහත සඳහන් ඕනෑම කාර්යාලයකින් ලබා ගත හැකිය
:i. ස්වාමි විවේකානන්දසංස්කෘතික මධ්‍යස්ථානය, 16/2 ග්‍රෙගරි පාර, කොළඹ 7
- සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය: 31 රාජපිහිල්ල මාවත, මහනුවර
iii. ඉන්දියානු කොන්සල්ජනරාල් කාර්යාලය,හම්බන්තොට: 107 - බී නව පාර, හම්බන්තොට -82000
- ඉන්දියානු කොන්සල්ජනරාල් කාර්යාලය,යාපනය: අංක 14, මරුතඩි පටුමග, නල්ලූර්, යාපනය
- උනන්දුවක් දක්වන අපේක්ෂකයින්ට ඉහත සඳහන් ඕනෑම කාර්යාලයකට සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර දියහැකිය.
කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයට සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019 දෙසැම්බර් 12 සහ 13 වන දින පෙ.ව. 10.00 සිට ප.ව 4.30 දක්වා භාරදිය හැකිය.
අයදුම්පත් භාර දෙන අවස්ථාවේ දී අපේක්ෂකයින්ම පැමිණිය යුතු අතර සහතික වල මුල් පිටපත්/ලේඛනද ඉදිරිපත් කළ යුතුය.
වැඩිදුර විස්තර සඳහා කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දුරකථන අංක 2684698 අමතන්න නැතිනම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්යුත්තැපෑලක් යොමු කරන්න.
උපුටා ගැන්මකි