ප්‍රවීන චිත්‍රකතා ශිල්පී එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 88 වැනි වියේ පසුවිය.
60 දශකයේ මුල් භාගයේ 'නවයුගය' සඟරාවෙන් චිත්‍රකතාකරණයට පිවිසි දිසානායක මහතා වසර 50කට අධික කාලයක් දිවයිනේ විවිධ පුවත්පත් සහ සඟරා වලට චිත්‍රකතා නිර්මාණය කළේය.
ඔහු නිර්මාණය කළ චරිත අතරින් 'බූ බබා', 'තුල්සි', 'බටකොල ආච්චි', 'යෝධයා', 'පඬිතුමා' පාඨකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය.
මීට අමතරව ඔහු විවිධ ග්රන්ථ රාශියක් ද පළ කර ඇත. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ දිසානායක මහතා ගුරුවරයෙක් ලෙස ද කලක් සේවය කළේය .
අභාවප්‍රාප්ත එස්. ඒ. දිසානායක මහතාගේ දේහය ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාලයට භාර දීමට නියමිතයි. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
සටහන: Kapila M. Gamage