රාජ්‍ය සම්මාන දිනූ කතුවර කාල් මියුලර් අභාවප්‍රාප්ත වෙයි
සාහිත්‍යකරණය උදෙසා මෙරට රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන කතුවර කාල් මියුලර් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවය.
කවියකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ එතුමා මෙරට බර්ගර් ජාතිකයන් පිළිබඳව ලියූ කෘති ත්‍රිත්වයක් නිසා පාඨකයා අතර ජනප්‍රිය වීය. The Jam Fruit Tree, Yakada Yaka සහ Once Upon A Tender එම කෘතීන් වේ.
ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන ග්‍රේෂියන් සම්මානයේ පළමු ජයග්‍රාහකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වන කාල් මියුලර් 1993 දී ග්‍රේෂියන් සම සම්මානයෙන් පිදුම් ලබන්නේ The Jam Fruit Tree කෘතිය වෙනුවෙනී.
ඔහු ලියූ “Children of the Lion” ඓතිහාසික ප්‍රබන්ධය 1997 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.