දෙසැම්බර් 26 “සුනාමි” චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට මුදා හරිනවා
බොහෝ කලක සිට සැලසුම් කර තිබූ අයුරින් දෙසැම්බර් 26 වැනිදා “සුනාමි” චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින බව එම සිනමාපටයේ නිර්මාණ කණ්ඩායම නිවේදනය කර තිබේ.
මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ “සුනාමි” චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා මින් වසරකට ඉහතදී ගිවිසුම් අත්සන් කළ බවත් ඒ අනුව විජයබා කොල්ලය සිනමාපටයට පසුව චිත්‍රපටය එළිදැක්වීමට සුදානමින් සිටි නමුත් රටේ ඇතිවූ කලබලකාරී තත්වය නිසා “සුනාමි” තිරගත කිරීම “රෂ්” සිනමාපටය ප්‍රදර්ශනයෙන් පසුව සිදු කිරීමට ගිවිසුම් අත්සන් කළ බවත් යි.
දෙසැම්බර් 26 වන දින EAP මණ්ඩලය මඟින් වෙනත් චිත්‍රපටයක් එළි දක්වන නිසා එළඹෙන 16 වැනිදා පටන් තිරගත කිරීමට නියමිත “විෂම භාග” සිනමාපටයේ ප්‍රදර්ශන කාලය සති දෙකකටත් අඩු යැයි අසත්‍ය ප්‍රචාරයන් පැතිර යන බැවින් ඒවාට නොරැවටෙන මෙන් ඉල්ලා එම චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය වන ශ්‍රද්ධා ෆිල්ම්ස් විසින් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එයට ප්‍රතිචාර වශයෙන් මෙම මාධ්‍ය ප්‍රකාශය නිකුත් කර තිබේ.
EAP චිත්‍රපට පෙළගැස්ම අනුව “රෂ්” සහ “සුනාමි” සිනමාපට දෙක අතර වෙනත් චිත්‍රපටයක් නොවූ බව “සුනාමි” නිර්මාණ කණ්ඩායම අවධාරණය කර යි.
“මෙම චිත්‍රපට දෙක අතරතුර වෙනත් චිත්‍රපටයක් EAP පෙළගැස්මේ තිබුනේම නැත. එසේ තිබුනේ නම් ඒ පිළිබඳව අනිත් පාර්ශ්වකරුවන් නොදැන සිටියේ ඇයි? පෙළගැස්මට අලුතින් එකතුවන නිර්මාණකරුවන්ට ගිවිසුම්ගතව ඇති නිර්මාණ ගැන නිසි තොරතුරු ලබා නොදුන්නේ ඇයි?”
වගකිව යුතු පිරිසකගේ නොසැලකිලිමත් හා අවිධිමත් ක්‍රියාකලාපයන් නිසා සිනමාකරුවන් අතර කිසියම් ගැටළුවක් නිර්මාණය වන්නේ නම් ඒ පිළිබඳව කණගාටුවන බව වැඩිදුරටත් මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් වේ.
එම මාධ්‍ය ප්‍රකාශය පහතින්,