ලෝක විවාහක රූ රැජිනට ජනපති සුබ පැතුම් එක් කර යි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත්වී එහි කිරුළ හිමිකරගත් කැරොලයින් ජූරි වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබ පැතුම් එක්කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් “වසර 35 කට පසු මෙම ජාත්‍යන්තර ගෞරවය මව්බිමට රැගෙනවිත්, ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමට ආඩම්බරයක් එක් කළ ඔබට තුති,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.
ඇමරිකාවේ ලාස් වේගාස් හි පසුගියදා පැවති අවසන් මහා තරගයේ දී කැරොලයින් ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳි අතර වසර 35කට පසු මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට එහිදී ඇයට හැකිවිය.
මිට පෙර විවාහක රූ රැජින කිරුළ මෙරටට අත්කරදුන්නේ රෝසි සේනානායක යි. ඒ 1984 දී ය.
මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානය අයර්ලන්ත රූ රැජිනටත්, තෙවැනි ස්ථානය ඇමරිකාවේ වර්ජින් දුපත් හි රූ රැජිනටත් හිමිවිය.
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලයින් ජූරි අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත යි.