ලෝක ප්‍රකට තරු, ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලින් විපතට පත්වූවන්ගේ සහයට
ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිසා විපතට පත්වූවන් වෙනුවෙන් තමන් ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කළ බව ලෝක ප්‍රකට ගායන ශිල්පී එල්ටන් ජෝන් එරට සිඩ්නි නුවර සංචාරයක් අතරතුර දී පවසා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවට තමන් කොතරම් ආදරය කරනවා ද යන්න පිළිබඳව හැඟීම්බර සඳහනක් කළ 72 හැවිරිදි ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුණි.
“මෙය විශිෂ්ට රටක්. මෙහෙ වෙන දේ දැක්කම මගේ හදවතට වේදනයි, ඒ නිසා අපි එක්කාසු විය යුතු යි, අපි සටන් කළ යුතු යි. මම ඕස්ට්‍රේලියාවට ගොඩක් ආදරෙ යි.”
මසකට වැඩි කලක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම ඛේදවාචකය නිසා විපතට පත් වූ ජනතාවට සහයෝගය ලබාදීමට ලෝකයේ ජනප්‍රිය තරු කිහිප දෙනෙක්ම ඉදිරියට පැමිණි යා. ඒ අතර රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්රියෝ, රංගන ශිල්පිනී නිකොල් කිඩ්මන්, රංගන ශිල්පී ක්‍රිස් හෙම්ස්වර්ත් වැනි සුපිරි තරු ද සිටිනවා.
මෙවර ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උලෙළේ දී ඇගයුම් ලැබූ රංගන ශිල්පිනි ෆීබි වොලර් බ්‍රිජ් එදින තමන් ඇඳි ගවුම වෙන්දේසි කර එම මුදල ලැව්ගිනි මැඩ පැවැත්වීමේ සේවා වෙනුවෙන් ලබාදීමට කිරීමට කටයුතු කර තිබුණි.
රංගන ශිල්පී ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ පරිසර සංවිධානයෙන් ඩොලර් මිලියන 3ක්, රංගන ශිල්පී ක්‍රිස් හෙම්ස්වර්ත් ඩොලර් මිලියනයක්, රංගන ශිල්පිනී නිකොල් කිඩ්මන් සහ ඇගේ ස්වාමි පුරුෂයා වන කීත් අර්බන් ඩොලර් ලක්ෂ 5ක්, ගායන ශිල්පිනි Pink ඩොලර් ලක්ෂ 5ක්, නිරූපණ ශිල්පිනි කයිලි ජෙනර් ඩොලර් මිලියනයක්, ගායන ශිල්පිනි කයිලි මිනොග් ඩොලර් ලක්ෂ 5ක් මේ වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.