අනෝමා රාජකරුණා “සිනමාවේ කාන්තාවන් : 6 වැනි ඩකා අන්තර්ජාතික සමුළුව”ට
කාන්තාව මුල් කරගත් සිනමාපටවල ප්‍රමිතිය සහ අන්තර්ගතය ඉහල නැංවීම පිණිසත්, ලොව පුරා සිනමා කර්මාන්තයට සම්බන්ධ කාන්තාවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් සලසා දීම පිණිසත් සංවිධානය කළ “සිනමාවේ කාන්තාවන් පිළිබඳ වූ 6 වැනි ඩකා අන්තර්ජාතික සමුළුව” පසුගිය 12 සහ 13 දෙදින බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වුණි.
ඉකුත් සෙනසුරාදා ඇරඹි “18 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළ”ට සමගාමිව මෙම සමුළුව සංවිධානය කරන ලද්දේ “රේන්බෝ සිනමා සංගමය” විසිනි.
ඒ සඳහා මෙරට සම්මානිත සිනමාවේදිනි අනෝමා රාජකරුණා ද සහභාගී වී සිටියා ය. පෝලන්ත සිනමාවේදීනී ජෝආනා කොස්-කෘස්, ඕස්ට්‍රේලියානු රංගන ශිල්පීනී සහ සිනමාවේදිනි රොබින් හියුගන්, ඉන්දීය සිනමා විචාරක මීනක්ෂි ෂෙඩ්ඩි, දකුණු කොරියානු රංගන ශිල්පිනි සු ග්යෝන්ග් ලී ඇතුළු ලොව පුරා සිනමා කර්මාන්තයේ නියැලෙන පිරිසක් මෙම සමුළුවට එක්ව සිටිය හ.
http://mirrorarts.lk/news/6246-dhaka-in-wff-200114#sigProIdde4d0049d6
ඡායා : අනෝමා රාජකරුණා ෆේස්බුක් ගිණුමෙන්
තොරතුරු මුලාශ්‍ර : New Age Entertainment වෙබ් අඩවියෙන්