මනෝ අද දැයෙන් සමුගනි යි..
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනශිල්පී ජයලත් මනෝරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) පස්වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.
මෙරට රංගන ක්ෂේත්රයට සුවිසල් මෙහෙවරක් ඉටුකළ මේ ප්‍රතිභා පූර්ණ රංගනවේදියා ඉකුත් ඉරිදා දින දිවියෙන් සමුගන්න විට වයස අවුරුදු 71 කි.
වේදිකාවෙන් රංගන දිවිය ඇරඹු මේ රංගධරයා ටෙලි නාට්‍ය සහ සිනමාව ඔස්සේ ද ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන සටහන් තැබුවේ ය. තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු ආදී නාට්‍ය රැසක් මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්රයට දායාද කළ එතුමා රාජ්‍ය නාට්‍ය උලෙළවල් රැසක දී වසර කිහිපයක්ම දක්ෂතම රංගන ශිල්පියාට හිමි සම්මාන මෙන්ම හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මාන ද දිනා ගත්තේ ය.
එමෙන්ම මනමේ, සිංහබාහු, මකරා, චුලෝදර මහෝදර, ගජමන් පුවත, නරි බෑනා, තාරාවෝ ඉගිලෙති, හොරු සමඟ හෙළුවෙන් වැනි වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය සැපයුවා ය.
සිනමා රංගන ශිල්පියකු ලෙස ද ප්‍රේක්ෂක ආදරයට පත් ජයලත් මනෝරත්න හඳයා, සප්ත කන්‍යා, සිසිල ගිනි ගනී, මංගල තෑග්ග සූරිය අරණ වැනි සිනමාපට මෙන්ම මෑත කාලයේ ජනප්‍රිය වූ හෝ ගානා පොකුණ, සුවිසි විවරණ, තාල, වෛශ්නාවී, දේදුනු ආකාසේ, ප්‍රවේගය, ගෝල් ආදී චිත්‍රපටවලට ද සිය රංගන හැකියාව එක් කළේ ය.
විශිෂ්ට රංග ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක සිත් සතන් සැනසූ දයාබර මනෝ ඔබට සුබ ගමන්.....