රුක්මනී දේවි අනුස්මරණ උලෙළ හා ස්වර්ණ ගී සරණිය අද
මෙරට සිනමාවේ නිළි රැජින සහ ගීත කෝකිලාව රුක්මනී දේවියගේ 97 වැනි ජන්ම දිනය සමරමින් පවත්වනු ලබන “රුක්මනී දේවි අනුස්මරණ උලෙළ හා ස්වර්ණ ගී සරණිය” අද (15) දිනයේ දී පැවැත්වීමට නියමිත ය.
ඒ පස්වරු 6ට පිළියන්දල නගර සභා රංග ශාලාවේ දී ය.
18 වැනි වරට සංවිධාන කරනු ලබන මෙවර උලෙළේ දී ප්රවීන රංගන ශිල්පිනි මානෙල් වානගුරු, රුක්මනී දේවි අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබනු ඇත.
නිලන්ති ජයවර්ධන, රූපා ඉන්දුමතී, කුමුදුනි අධිකාරී, ලක්ෂිකා ෆොන්සේකා, නිලුෂි හල්පිට, සමන්ලතා හෙට්ටිආරච්චි, චාමිකා නිල්මි, තිලිනි උපේඛා, ඉන්ද්රානි අහංගම, සීතා සිරිමතී විජේරත්න, දමයන්ති කුමාරි යන අය විසින් එහිදී ගීත ගායනා කරන අතර නුවන් විජය ශ්රී, හේමාල් ධර්මප්රිය, සිරිල් සුසන්ත, තිෂාන් ජයවර්ධන යුග ගායනයෙන් එක් වේ. සංගීතය “සෝල්” සංගීත කණ්ඩායම විසිනි.