ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප කෘතිය ජනගත කිරීම කල් යයි
රටේ පවතින සෞඛ්‍ය සහ සමාජ තත්වය සැලකිල්ලට ගනිමින්, “ධර්මසේන පතිරාජාවලෝකන සහ පති-රූප කෘතිය” ජනගත කිරීම සහ “පතිරාජ අනුස්මරණ උලෙළ” කල් දැමීමට තීරණය කර තිබේ.
මෙම වැඩසටහන මාර්තු 23 වැනිදා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ සිදු කිරීමට නියමිතව තිබු අතර වැඩසටහන පවත්වන දිනයේ ඉදිරියේ දී දැනුම් දෙන බව සංවිධායකයෝ පවසති.
ජනතා මිත්‍රත්ව ලුමුම්බා සරසවිය, රුසියානු තානාපති කාර්යාලය, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ආසියානු සිනමා කේන්ද්‍රය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව මෙම ජනගත කිරීමේ උලෙළ සංවිධානය කෙරේ.