“සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මහා සංගීත පිංකම”
“සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මහා සංගීත පිංකම” නොහොත් අභිනව ගාන්ධර්ව අපදාන පොත් පෙළක් එළිදැක්වීම මාර්තු 17 වැනිදා සිදු කිරීමට නියමිත ය.
ඒ එදින පස්වරු 4 සිට පස්වරු 6.30 දක්වා කොළඹ, මහ නගර සභා මහජන පුස්තකාල ශාලාවේ දී ය.
ආචාර්ය විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, නිරෝෂා විරාජිනී, රොඩ්නි වර්ණකුල සමඟ ජ්‍යෙෂ්ට මහාචාර්ය කෝලිත භානු දිසානායක එදින ගායනයෙන් එක්වන අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි.
විශ්වනාත් ලෞජි සහ සිංහල සංගීතයට දායක වූ භාරතීය ගාන්ධර්වයෝ, සාදිරිස් මාස්ටර් සහ රූපසිංහ මාස්ටර්, ඇම්.ජී.පෙරේරා සහ ලයනල් එදිරිසිංහ, මකුලොලුව සහ කුලතිලක, සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම සහ ඔස්ටින් මුණසිංහ යන ගාන්ධර්ව අපදාන කෘතීන් එහිදී එළිදැකීමට නියමිත වේ.