“අපිට ටිකක් මහන්සියක් දැනුණා. හරියට සෙම්ප්‍රතිශ්‍යාව වගේ, ඇඟේ සමහර තැන් රිදෙන්න ගත්තා. රීටාට විටින් විට සීතලක් දැනෙන්න පටන් ගෙන තිබුණා. ලාවට උණ ගතියක් එක්ක.”
ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පී ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
සිනමාපටයක වැඩකටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින මේ ඇමරිකානු යුවල සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කළ පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර එහිදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයෙන් දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වූ බව ටොම් හෑන්ක්ස් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහන් කර ඇත.
63 හැවිරිදි වියේ පසුවන යුවල මේ වනවිට හුදෙකලාව කාලය ගෙවන බව වැඩිදුරටත් ඔහු සඳහන් කර යි.
“අපිට ටිකක් මහන්සියක් දැනුණා. හරියට සෙම්ප්‍රතිශ්‍යාව වගේ, ඇඟේ සමහර තැන් රිදෙන්න ගත්තා. රීටාට විටින් විට සීතලක් දැනෙන්න පටන් ගෙන තිබුණා. ලාවට උණ ගතියක් එක්ක.”
“අපි වෛරසය ආසාදනය වෙලා ද බලන්න කළ පරීක්ෂණය පොසිටිව්”
නව කොරෝනා වෛරසයේ පැතිර යාම වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (11) දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.