2020 සිග්නීස් උත්තමාචාර උලෙළට නිර්මාණ බාර ගැනේ
සිග්නීස් 2020 (OCIC) ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නීස් (OCIC) උත්තමාචාර උලෙළ 2020 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.
මෙවර සිග්නීස් උත්තමාචාර උලෙළේ දී සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ, 2019 වසරේ තිරගත වූ චිත්‍රපට, 2019 දෙසැම්බර් 31 වනදාට පෙර විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසංගික ටෙලිනාට්‍ය සහ පසුගිය වසර 03 ඇතුළත නිර්මාණය කළ කෙටි චිත්‍රපට ය.
සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරිමට කැමති වෘත්තාන්ත චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයදුම් පත් සිග්නීස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබාගත හැකි ය.
වෘත්තාන්ත චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ කෙටි චිත්‍රපට ජූරියේ නිරීක්ෂණය සඳහා එහි පිටපත් (Extenal Hard Disk සහ DVD පිටපත් කුනක්) සිග්නීස් ශ්‍රී ලංකා කාර්යාලය වෙත බාර දෙන මෙන් ඉල්ලා සිටියි. නිර්මාණ බාරගන්නා අවසාන දිනයන් වනුයේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 2020 අපේ‍්‍රල් 03 සහ කෙටි චිත්‍රපට - 2020 අපේ‍්‍රල් 17 වේ.
වැඩි විස්තර දුරකථන අංක 011 2693425 / 071 8069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකි ය.
සරසවිය