සුනිල් ආරියරත්නගේ අභිනව ගාන්ධර්ව කෘතීන් ජනගත කිරීමේ උලෙළ නොපැවැත්වෙයි
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න රචිත අභිනව ගාන්ධර්ව අපදාන පොත් පෙළ ජනගත කිරීම හෙට (17) දිනයේ දී නොපැවැත්වීමට තීරණය කර තිබේ.
රටෙහි වත්මන් තත්වය පිළිබඳව අවධානය යොමු කොට මෙම තීරණය ගත් බව යි සංවිධායකයින් ප්රකාශ කර ඇත්තේ.
සුනිල් ආරියරත්න විසින් රචිත ගාන්ධර්ව අපදාන පොත් පෙළෙහි දෙවැනි අදියර ලෙස සංගීතඥයින් 12 දෙනකු පිළිබඳ ලියවුණු පොත් 6ක් හෙට කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ දී ජනගත කිරීමට නියමිතව තිබුණි.
එහිදී එළිදැක්වීමට සුදානම් කර තිබූ කෘතීන් ලෙස විශ්වනාත් ලෞජි සහ සිංහල සංගීතයට දායක වූ භාරතීය ගාන්ධර්වයෝ, සාදිරිස් මාස්ටර් සහ රූපසිංහ මාස්ටර්, ඇම්.ජී.පෙරේරා සහ ලයනල් එදිරිසිංහ, මකුලොලුව සහ කුලතිලක, සරත් දසනායක සහ ස්ටැන්ලි පීරිස්, ලයනල් අල්ගම සහ ඔස්ටින් මුණසිංහ යන ගාන්ධර්ව අපදාන කෘතීන් දැක්විය හැකි ය.
සබැඳි පුවත්
“සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මහා සංගීත පිංකම”