ආශාගේ මිණිපිරී
දශක 6කට අධික කාලයක් තිස්සේ බොලිවුඩ් සිනමා ගායනයෙන් රසික ප්‍රජාවේ සිත් පැහැරගත් ප්‍රවීන ගායිකා ආශා බෝස්ලේ මේ ගායනය ඉදිරිපත් කරන්නේ සිය මිණිපිරිය වන සානායි බෝස්ලේ සමඟිනි. ඒ මිට අවුරුදු පහකට පමණ ඉහත දී ය.
මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවන ඇය සිය මිත්තණිය සමඟින් ප්‍රසංග වේදිකාවේ ගායනය අරඹා තිබුණේ වයස අවුරුදු 10 සිට ය.
සානායි ආශාගේ පුත් ආනන්ද්ගේ දියණිය යි.
තරුණ සානායි සිනමා සංගීතය උදෙසා ද සිය දායකත්වය ලබා දී ඇති අතර එරට New Upcoming Star සම්මාන උළලේ දී මෙන්ම GIMA සම්මාන උළලේ දී ඇගයුම් ලබා තිබෙනවා.
ඇය මේ වනවිට ව්‍යාපාරිකාවක වශයෙන් ද කටයුතු කර යි.
Posted by R.d.burman on Thursday, 27 June 2019