සනුකගේ සිංගලි නෝනා
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමා නිර්මාණය විජයබා කොල්ලය එළඹෙන අගෝස්තුවේ සිට දිවයින පුරා තිරගත කිරීමට කටයුතු සුදානම් කර ඇති බව අපි මින් පෙර මිරර් ආට්ස් වෙතින් ඔබ වෙත දැනුම් දුන්නා.
ඩබ්.ඒ. සිල්වාගේ නවකතාවක් පාදක කරගනිමින් තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයකට අනුව නිර්මාණය කරන ලද මෙම චිත්රපටයේ ගීත ගායනය සිදු කරන්නේ ජනප්රිය ගායන ශිල්පිනි උමාරියා සිංහවංශ සහ ජනප්රිය ගායන ශිල්පී සනුක වික්රමසිංහ විසින්. සුනිල් ආරියරත්නයන් විසින් ලියූ එම ගීතවලට සංගීත නිර්මාණය කර ඇත්තේ රෝහණ වීරසිංහ විසින්.
උමාරියාගේ ගායනයෙන් හැඩ වුණු “ඇහිපිල්ලමක් අතර” ගීතය පසුගියදා එළිදැක්වුණු අතර ඊට ඉහළ රසික ප්රතිචාරයක් ද ලැබී තිබුණා.
එසේම විජයබා කොල්ලය චිත්රපටය වෙනුවෙන් සනුක ගැයූ ගීතයක් ද ඒ අනුව එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. මේ ගීතය නම් කර ඇත්තේ “සිංගලි නෝනේ” නමින්. පරංගි බසින් සිංහලයට නැගුනු වචන සමුදායකින් මේ ගීතයේ අපූර්වත්වය තවත් ඉහළ නංවන බව කිව යුතුමයි.
සනුකගේ හඬින් පණ දුන් “සිංගලි නෝනේ” මෙන්න,