lan englan tam

පුවත්

ඉන්දීය සිනමාව ආක්‍රමණය කළ පළමු ලංකා කෝකිලාවිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දකුණු ඉන්දීය දෙමළ සිනමාව ආක්‍රමණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව කේ. තවමනි දේවි (1925-2001) වූවාය. ගුවන්විදුලියට හා ග්‍රැමෆෝන් තැටියට මෙන්ම දිව්‍යමය ප්‍රේමය (1948) චිත්‍රපටයට සිංහල ගීත ගැයූ ඇය යාපනයේ උසස් පවුලක සාමාජිකාවකි. තරුණ වියේදීම ඉන්දියාවට සංක්‍රමණය වූ තවමනි දේවි ඒ රටේ ලංකා කෝකිලාවිය ලෙස ප්‍රකටව සිටියාය.

ඇගේ කුලුදුල් රංගනය සති අහල්යා (1937) චිත්‍රපටයෙන් දැකගත හැකි විය. ආන්දෝලනාත්මක රංගනය දුටුවේ වනමෝහිනි (1941) චිත්‍රපටයෙනි. හොලිවුඩ් තිරයේ වනලියන් අනුගමනය කොට අඩ නිරුවත ඉන්දීය සිනමාවට අනුගත කළ මේ චිත්‍රපටය ලංකාවේ පෙන්වද්දී ඇගේ සොහොයුරකු විසින් සිනමා තිරයට පිහියකින් දමා ගැසූ පුවතක්ද අතීතයෙන් අසන්නට ලැබෙයි.

හින්දි විකට නළු බග්වාන් කතාව ලියා අධ්‍යක්ෂණය කළ මෙහි සෙසු ප්‍රධාන චරිත එම්.කේ. රාධා, බේබි රුක්මණි, එස්.එස්. කොකෝ, කමලාබායි, එස්. බාෂ, ටී.වී. ක්‍රිෂ්ණස්වාමි, කේ.ටී. සක්කුබායි, ක්‍රිෂ්ණබායි සහ චන්දු නම් හස්තියා රඟපෑහ.

මෙම දෙමළ චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වනමෝහිනි (1958) දුටු අතර වර්ණ නිර්මාණය 1996 වසරේදී වනමෝහිනි නමින් ප්‍රදර්ශනය විය.

රූපසේන සිල්වා - මව්බිම

Back to top
Go to bottom