lan englan tam

පුවත්

71ටත් කලින් ජවිපෙට ගියේ; පක්ෂෙට ලියූ ගීතයක් තාම ඇසෙනවා....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සක්‍රීය දේශපාලන පෞරුෂයක් වුවත් බොහෝ දෙනෙකු චන්ද්‍රසෝම බිංදුහේවා හඳුනන්නේ ශ්‍රේෂ්ඨ රංග පෞරුෂයක් ලෙසිනි.

1970 ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක වර්ෂවල සාමාජිකයකු වූ ඔහු වර්තමානයේදී එම පක්ෂය සමග සුහද ලෙස කටයුතු කරන්නෙකි.
පසුගිය මව්බිම පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ඔහු තම දේශපාලන පෞරුෂය සහ ඉතිහාසය පිළිබඳව නොදන්නා අයටද දැනගත යුතු මනා ඓතිහාසික සිදුවීමක් කියා සිටියේය.
ඒ ජනතා විමුක්ති පෙරමුණ තුළ අදටද අසන්නට ලැබෙන ගීතයක් තමන් විසින් රචනා කරනු ලැබ තිබෙන බවය. ඒ පිළිබඳව තමන් ඉතා සතුටු වන බවද චන්ද්‍රසෝම බිංදුහේවා කලාකරුවා පවසා තිබිණි.
"මම දේශපාලනය ආරම්භ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින්. 1970 සුභසීල කොඩිකාර සහෝදරයා හරහා තමයි මට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීමට හැකිවුණේ. පක්ෂය වෙනුවෙන් මට ගීතයක් නිර්මාණය කරන්න සිදු වුණා. අදටත් ඒ ගීතය පක්ෂයේ තිබෙනවා. මට හරිම ආඩම්බරයි මේ පක්ෂය සමඟ සිටීම ගැන." යැයි ඔහු පවසා තිබිණි.
එම සබැඳිය පහතින්,

https://mawbima.lk/2025/01/25/%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%94/

Back to top
Go to bottom