lan englan tam

පුවත්

හෙට මග නොහැර ගත යුතු 'ලින්ච්ගේ සිනමාවේ අත්භූත තැන්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"If you are interested in world cinema, David Lynch is a name you cannot avoid.." (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) අද (30) දිනයේ සිනමා දැක්මක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ගනු ලැබූ පියවරට සමගාමීව හෙට (31) දිනයේ ඩේවිඩි ලින්ච් අධ්‍යාපනික වැඩමුළුව - Masterclass පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

"ලින්ච්ගේ සිනමාවේ අවකාශීය සෞන්දර්ය : ලින්ච්ගේ සිනමාවේ අත්භූත තැන්" මැයෙන් සිනමා විචාරකයකු වන බූපති නලින් විසින් වැඩමුළුවේදී දේශනයක් සිදු කෙරෙනු ඇත. හෙට උදෑසන ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම වැඩමුළුව සීමිත පිරිසක් සඳහා පමණි.

උදෑසන 9 සිට සවස 4 දක්වා දිනය පුරාවට වැඩසටහන පැවැත්වෙන අතර එහිදී බූඩි කීර්තිසේන, විමුක්ති ජයසුන්දර, චින්තන ධර්මදාස හා විදර්ශන කන්නංගර යනාදීහුද දේශන පවත්වති.
අද දිනය මෙන්ම හෙට දිනයද 'පළමු වැන්නාට පළමු සංග්‍රහය' යන අනුපිළිවෙළින් පැවැත්වේ.
අද දිනයේ Lost Highway (1997), Inland Empire (2006), Drive (2001) යන චිත්‍රපට තිරගත කෙරිණි.
ඇතුළු වීම නොමිලේ.

 

fe639150 ccc0 4693 b7cc 8abec62c59a9

Back to top
Go to bottom