lan englan tam

පුවත්

අද එළි දුටු දාරක ස්නේහයේ නොනිමි අරගලයේ කතාව; 'රාණි'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ එක් අඳුරු යුගයක නීරස පැතිකඩක් නිරාවරණය කරමින් මව් සෙනෙහසේ පුළුල්කම විශ්වීය එකක් වන බව පෙන්වා දෙන සිනමා අත්දැකීම 'රාණි' අද (30) සිට දිවයින පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීය.

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිතය වන මනෝරාණි සරවනමුත්තුගේ ජීවිත කතාව පදනම් කරගනිමින් නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන පෝස්ටරය, තේමා ගීතය පූර්ව ප්‍රචාරක පටය පසුගිය කාලයේ චිත්‍රපටය කෙරෙහි තිබූ උත්කර්ෂය බෙහෙවින් තීව්‍ර කළේය.
'ලයිකා ශ්‍රී ලංකා' විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'රාණි' ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි. තිර රචනයද ඔහු විසින් සිදු කරනු ලැබ තිබේ.
ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය වසර 27ක් මුළුල්ලේ දකින හීනයක් වූ 'රාණි' චිත්‍රපටය ඒ හේතුවෙන්ම ඇයටද සිහින එළිදැකීමකි.
අතර එහි ප්‍රතිඵලය කෙබෙඳුද යන්න 'රාණි' නැරඹීම ඇරඹූ සැණින් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වමින් කියා පානු දක්නට ලැබේ.

Back to top
Go to bottom