lan englan tam

පුවත්

ප්‍රියන්තලා ජෙහාන් වෙනවා-ජෙහාන්ලා ප්‍රියන්තලා වෙනවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'කූඹියෝ' ටෙලිනාට්‍යයේ ප්‍රියන්ත මහඋල්පතගම චරිතය යනු ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයින්ගේ මතකයෙන් නොගිලිහෙන ස්මරණීය චරිතයකි.

ප්‍රියන්ත මහඋල්පතගමට එහි පණ දුන්නේ ජනප්‍රිය සහ කුසලතා පූර්ණ නළු කලණ ගුණසේකරය.
කලණ මේ සතියේ 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට සහභාගි වන්නේ පූරක මනෝහාරි හේවාවසම් සමගිනි.
ප්‍රදීප් ධර්මදාසගේ 'අයිස්ක්‍රීම්' චිත්‍රපටයේ සිනමා තිර රචකයකු ලෙස මේ දිනවල අවධානය දිනා ඇති කලණ එහි තිර රචකයා වන්නේ මීට කලකට පෙරය.
සමාජයේ එක් පිළිබිඹුවක් වන ප්‍රියන්ත මහඋල්පතගම වැන්නන් ඇතැම් විට ජෙහාන් බවට පත් වන්නා සේම ජෙහාන් වැනි සමාජ ප්‍රකාශන මහඋල්පතගම වැනි අය බවටද පත් වන බව කලණ 'මිරර් ආට්ස්' සංවාදයේදී මනෝහාරි හේවාවසම් සමග පවසයි.
එම සම්පූර්ණ සංවාදය එළඹෙන සෙනසුරාදා (01) සවස මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom