lan englan tam

පුවත්

සුගත් සෝමවීරගේ 'මතක මංකඩ' නැවතුම!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුභාවිත ගීත කලාව සුරකිමින් ඒ වෙනුවෙන් ගේය පද රචනා කරන, බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන ගුවන්විදුලි නිවේදකයෙකුද වන ගී පද රචක සුගත් සෝමවීරයන්ගේ 'මතක මංකඩ' ගීත සංග්‍රහය පසුගිය ජනවාරි 25 එළිදැක්විණි.

සිය ගේය පද රචනා ඇතුළත් තුන්වෙනි කෘතිය එළිදැක්වීම සඳහා සුගත් සෝමවීරගේ හිතවතුන්, සමකාලීනයින් මෙන්ම රසිකයින්ද සහභාගී වූ එම සැන්දෑව බොහෝ සාධනීය සංවාද ඇතුළත් එකක් විය.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා සහ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රධාන දෙසුම් කළ උත්සවය පැවැත්වුණේ 25 සවස කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදීය.
දැන් ඉතින් සමුගන්න සහ පසුගියදා එළිදුටු මතක මංකඩ කෘතීන් දෙකේම පද රචනා සෑම පිටුවකම Qර්‍ කේත මුද්‍රණය කර, පොත කියවන අතරේ ගීතය ඇසීමට අවස්ථාව සලසා තිබේ.
ගීත 170ක් මේ වන විට රචනා කර ඇති සුගත් සෝමවීරගේ මෙම කටයුත්ත මේ වන විටද බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වෙමින් තිබේ.

Back to top
Go to bottom