lan englan tam

පුවත්

දැන් ආයෙත් කෙට්ටු වෙමින් ඉන්නේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රංගන ශිල්පිනියක ලෙස කෙටි කලකින් ජනප්‍රිය වූ තරුණ නිළියන් අතර ප්‍රමුඛ පෙළේ සිටි ශලිනි ප්‍රනාන්දු මෑත කාලයේ නිර්මාණවලට සම්බන්ධ නොවූවා සේම ඇයගේ ශරීරය මදක් තරබාරු වීම පිළිබඳව සමාජයේ අවධානයට ලක් විය.

ඒ පිළිබඳව සුබ පණිවිඩයක් රසිකයින් වෙත ගෙන එමින් මේ දිනවල තම සිරුර යළි සිහින් වෙමින් තිබෙන බවත් තමන් කලා කටයුතුවලින් ඈත් වී නොමැති අතර අලුත් නිර්මාණ සමග සම්බන්ධ වීමට අපේක්ෂා කරන බවත් ශලිනි පවසන්නීය.
'සිළුමිණ - රසඳුන' පුවත්පතේ නාමලී ගමගේ සමග සංවාදයකට සිය සැමියා චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද සහ ශලනි සංවාදයකට පසුගියදා සහභාගි වෙමින් මේ බව පවසා තිබිණි.
ශලිනි සිය විවාහ ජීවිතය ඉතා සතුටින් ගෙවමින් සිටින අතර විවාහයෙන් පසුව මදක් නිදහසේ සිටීම අපේක්ෂා කළ බව ඇය එහිදී පවසා තිබිණි.
"විවාහයෙන් පස්සේ මං අලුත් නිර්මාණයක් භාර ගත්තෙම නෑ. මං හිතන් හිටියා විවාහයෙන් පස්සේ ටික කාලයක් නිදහසේ ඉන්නවා කියලා. ඒත් එක්කම මං ටිකක් මහත් වෙන්න ගත්තා. ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ. මේ දවස්වල ආයෙම කෙට්ටු වෙමින් ඉන්නවා. බලමුකෝ.. ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා." යනුවෙන් ශලිනි පවසන්නීය.
ශලිනි යළි ටෙලි තිරයේ දැකීම අපේක්ෂා කරන ඇගේ රසිකයින්ට නිසැකවම මෙය සුබදායී පණිවුඩයක් වනු ඇත.

ඡායා: නිශ්ශංක විජේරත්න

Back to top
Go to bottom