lan englan tam

පුවත්

'තුන්සිංහලයේ සිංහල පන්තිය' ඇරඹේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කාවින්ද මලවිආරච්චි යනු මේ වන විට වෘත්තීයෙන් ගුරුවරයෙකි. නමුත්, ඊට පෙරදී ඔහු ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් රචනා කළ තිර රචකයෙකි. තූර්යා වැනි කලක් ජනප්‍රියව තිබූ ටෙලිනාට්‍ය රචනා කළ ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය 'මාස්ටර් සර්' විකාශය ඇරඹෙන අලුත්ම ටෙලිනාට්‍යයයි.

හාස්‍ය­ මෙන්ම සමාජය තුළ කතාබහට ලක් විය යුතු අධ්‍යාපනය ප්‍රමුඛ කරගත් කාරණා ගණනාවක් නාට්‍යයෙන් අවධානයට ලක් කෙරෙන අතර විශ්ව කොඩි­කාර, උපේක්ෂා ස්වර්ණ­මාලි, නිසල හෙට්ටි­ආ­රච්චි යනාදීහු ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙති.
සිත්මි එදි­රි­සිංහ, සචිනි යකු­පි­ටිය, අංජන ප්‍රේම­රත්න, උද­යන්ති කුල­තුංග, රූපා ගෝමස්, ජෙනට් ඇන්තනි, දිල්කි හංසිකා යන ශිල්පීන්ද රංගනයෙන් දයාක වන 'මාස්ටර් සර්' 'තුන්සිංහලයේ සිංහල පන්තිය' ලෙසද හඳුන්වා දෙයි.
සෝව්ල්ෆ්‍රේම් ක්‍රියේ­ෂන් නිෂ්පා­ද­න­යක් වන නාට්‍යය හිරු නාලිකාවේ රාත්‍රී 09ට සතියේ දින පහේ විකාශය වේ.

Back to top
Go to bottom