සිංහල රොක් ශානරයේ LOCAL බෑන්ඩ් එකේ ප්‍රධාන ගිටාර් වාදක හර්ෂ අරවින්ද ඩවුන්ටවුන් පල්ස් එහෙමත් නැතිනම් බේකරියෙ කට්ටිය එක්ක එකතුවෙලා සංගීතයේ වෙනස් මානයක් සොයා යනවා.මිරර් ආර්ට්ස් ඔහු සමග කළ සාකච්ජාවයි මේ.
අපේ රටේ සංගීත බෑන්ඩ් කලාව 60 දශකයේ වගේ සිට එන්නක්.ඔබලාගේ බෑන්ඩ් එකේ වෙනස මොකද්ද?
ඩවුන් ටවුන් එක්ක අපි සම්බන්ධවෙන්නේ 2016.අපි බෑන්ඩ් එක ආරම්භ කරන්නෙත් 2016.ඉන් පස්සෙ අපි මේ අවුරුද්දෙත් අපි පර්ෆෝර්ම් කරනවා.අපි කරන්නේ සිංහල රොක් කියන ශානරය.60 -70 දශකවල රොක් බෑන්ඩ් තිබ්බා නමුත් සිංහල රොක් බෑන්ඩ් කව්වහම අපි වචන සිංහලෙන් කියනවට අමතරව මේ රටේ තියෙන සංස්කෘතික දේශපාලන ප්‍රශ්න ඒ වචන හරහා අපි කතාකරනවා සහ මම හිතනවා ඒ කතාකරන මතෘකා නිසා තමා ඒකට යම්කිසි බරක් තියෙන්නෙ.
රොක් සංගීතයේ ප්‍රධාන ධාරාවේ තරු කිීපයක් ඉන්නවා. ඒ අයත් සංගීතය කරනවා ඒවත් මිනිස්සු අහනවා ප්‍රශ්නෙ තියෙන්නෙ මේ රටේ තියෙන ප්‍රශ්න විකල්ප කථිකාව ඒ සිංදු ඇතුළෙ නැහැ.මට ඒ සංගීතයේ වේට් එකක් නැහැ.නමුත් අපිමේ විකල්ප අවකාශයේ කරනවා අපි මෙහි බුද්ධිමතුන් සමග කරන ගනුදෙනුවෙදි අපි පෝෂණය වෙනවා වගේම අපෙනුත් යමක් ඔවුන්ට දෙනවා.තවත් බෑන්ඩ්ස් කීපයක් තියෙනවා. ඒ බෑන්ඩ්ස් වලත් බරක් තියෙනවා ඔවුන්ගේ සංගීත ප්‍රකාශන තුළ.ඔවුන්ගේ ඒ ප්‍රකාශන තුළ මම කළින් කිව්ව දේශපාලන ආර්තික සමාජීය ගැටළු සම්බන්ධව කතාකරනවා වගේම මෑතක සිට මේ ආසියානු කලාපයේ සංගීත නාදයන් එකතු කරලා තියෙනවා මේ සිංහල රොක් සංගීත කණ්ඩායම්වල නිර්මාණයන්ට.එතෙන්දි සම්ප්‍රදායික රොක් සංගීතයේ ආකෘතීන් නාද රටා වෙනස් වෙලා අලුත්ම ආකෘතිමය සංගීතමය වෙනසක් ඇතිවෙනවා.මේ වෙනස ආරම්භ වෙලා තිනෙවා. කාලයත් එක්ක මෙහි හඩ රුව තව තවත් වෙනස්වේවි. එවිට වඩාත් සාර්ථක වෙනස් යමක් අහන්නට විඳින්නට හැකිවේවි.මම හිතන්නේ ඩවුන් ටවුන් කියන්නේ ඒ විකල්ප දේවල් ජනතාව ඉදිරියට ගෙනියන්න පුළවන් හොඳ වේදිකාවක්.වෙනත් අවකාශත් තියෙනවා. අපි ඒවගෙත් ප්ලේ කරනවා. නමුත් මෙතැන ට එනේන බුද්ධිමත් පිරිසක්.
සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න පිළිබඳ ඔබේ සංගීත කණ්ඩායම් හරහා කතාකරනවා කියන්නෙම ඔබලාගේ මේ සංගීතය සමාාන්ය මිනිස්සුන්ට රසවිඳින්න පුළවන් එකක් නෙමෙයිද?
ඒක ප්‍රශ්නයක්.විකල්ප ධාරාවේ දී සංගීතය විතරක් නෙමේ සාහිත්‍ය අපි උදාහරණයක් ගත්තොත් සයිමන් නවගත්තේගම සහ ඔහුගෙ සාහිත්‍ය කෘති. ඔහු මේ රටේ ඉහළින්ම නමක් තියෙන කෙනෙක්. ඒත් මේ රටේ ඔහුව දන්නෙ නැති කී දෙනෙක් ඉන්නවද.අපිට ක්‍රමය මගින් හෝ වෙනයම් විදිහකින් අපිට බේස් එකක් තියෙනවා 60 ගනණ්වල 70 ගනණ් වල සිනමාව සංගීතය ආදී දේ පිළබඳව.නමුත් වර්තමාන පරම්පරාවට එහෙම බේස් එකක් නැහැ කියලා මට හිතෙනවා.ඒ අය කෙළින්ම බටහිර චිත්රපටවළින් හෝ සංගීත ක්‍රම මගින් තමයි ඒ අයගේ රූට් එක හැදෙන්නේ.ඒක අපි සාකච්ජා කරන්න ඔිනෙ ඒක හොඳදනරකද කියලා.
ඇත්තටම ඇයි මේ රටේ බහුතරයකට විකල්ප ධාරාවේ තිබෙන නිර්මාණ ගන්න අමාරු සහ දරාගන්න අමාරු කියන කාරණය සහ මේවා උප සංස්කෘතිමය වශයෙන් ම තව දුරටත් තියෙන්නෙ ඇයි ?මෙතැනින් එහාට ගිහින් මේ අවකාශය පුළල් කරන්නෙ කොහොමද කරන්න ඔිනෙද එහෙම වෙයිද කියන කාරණා අපි සාකච්ජා කරන්න ඔිනෙ කියලා මම විශ්වාස කරනවා.
වර්තමාණයේ තරුණයෝ විවිධ පර්යේෂණ කරනවා. පේ‍්‍රමය සහ විවිධ මාතෘකා මේ අතරෙ තියෙනවා. බටහිර විවිධ බෑන්ඩ් තියෙවා. මයිකල් ජැක්සන් බොබ්මාලේ වැනි ප්‍රසිද්ධ අය වගේම බෑන්ඩ් අනත් ඒ ඒ රටවල සමාජ කාරනා සහ මිනිසුන්ගේ ජීවිත ඉහළට ඔසවා තබන්න පරිසරය ආරක්ෂා කරන්න වැනි විවිධ කාරනා සම්බන්ධව සංගීත ගීත රචනා නිර්මාණය වෙලා තියෙනවා.
බොම්මාලේ සහ චේගුවෙරා කිය්නනේ සිම්බල් දෙකක්. ඒ දෙන්නම බිත්තිවල වදිනවා ත්‍රිවිල් වල වදිනවා . ඒ ඒ දශකවල කළ නිර්මාණ අදටත් අපි රසවිඳිනවා.නමුත් බටහිර අද මොනවද නිෂ්පාදනය වෙන්නේ ?රෙකෝඩ් ලේබල් හරහා එක්තරා ආකාරයකට යම්කිසි සූත්‍රයකට ප්‍රොඩක්ට් එකක් විදිහට ප්‍රධාන වෙළඳ පොළට දානවා.ඒ ක්‍රියාවලිය සිද්ධවෙන්නේ මේ ගෝලීය ධනවාදී ක්‍රමය ඇතුළෙ.මේ ක්‍රමය තුළ බුද්ධිමය සංවාදයකට හෝ කථිකාවට රැගෙන යන විදිහේ අවකාශයක් ඒකෙන් හදනවද කියන එක ප්‍රශ්නයක් .ඒකට විකල්පයක් හැටියට තමයි අපිවෙග් පොඩි සංස්කෘතියක් ඇතුළෙ මෙවැනි අවකාශවල කට්ටිය වැඩ කරන්නෙ.
ජනතාව කැමතිද තමන්ගෙ ප්‍රශ්න තමන් රසවිඳින්න කැමති සෞන්දර්යයාත්මක ප්‍රවාහයක් තුළ නැවත අහන්න දකින්න...
මිනිස්සු කැමතියි. ඩවුන් ටවුන් පල්ස් විකල්ප සංස්කෘතික අවකාශය තුළ සෙනස් එකක් තියෙන පිරිසක් ඉන්නවා මේවා විඳින්න කැමති. අපිට බෑන්ඩ් එකක් විදිහට හොඳ රසික පිරිසක් ඉන්නවා.සමහරුන්ට මේක තේරෙන්නෙ නැහැ.සමහරුන්ට මේක සෙට් වෙන්නෙ නැහැ.අපිට මේක ජනතාව වෙත ගෙන යන්න චැනල් එකක් නැහැ.මුදල් ඉපැයීමේ පරමාර්ථ මත බිහිවුන මාධ්‍ය තුළින් අපිට අවකාශය ලැබෙන්නෙ නැහැ.ලක්ෂ තුනක් වැනි මුදලක් වියදම් කරන්න පුළවන්නම් බොහෝ චැනල් හරයා මාස තුනක් ඇතුළත ජනප්‍රිය වෙන්න පුළුවන්.
සංස්කෘතිමය විකල්ප ධාරාවේ කටයුතු කරන ඔබලාට විකල්ප මාධ්‍ය බාවිතා කරන්න පුළවන් නේද ජනතාව අතරට මේ නිර්මාණ ගෙනියන්න.
ඔව් ඒක තමා අපි මේ මොහොතෙ කරමින් ඉන්නෙ.අපේ රසිකයින් සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවෙනවා. අනිත් එක මේ අය හුගක් තරුණයි. මේ අයට අපේ බාවිතාව රසවිඳින් පුළවන් වගේම තේරෙනවා.
ඔබේ බෑන්ඩ් එකේ සංයුතිය ගැන කියන්න.
මම හර්ෂ අරවින්ද මම ගිටාර් එක ප්ලේ කරනවා ගීත ලියනවා. බේස් එක ප්ලේ කරනවා තිලිණ. ඩ්‍රම්ස් ප්ලේ කරනවා ග්‍රෙග් පල්ලේගම.අපි තුන්දෙනා ප්‍රධාන වශයෙන් වාදනය කරනවා ... සහ තව පිරිස් වරින් වර එකතුවෙනවා විිධ අයුරින් සහයෝගය ලබාදෙන්න.මේක සාමුහික නිර්මාණාත්මක කාර්යයක්.
ඩවුන්ටවුන් වලින් පරිබාහිරව කොයි වගේ අවකාශ තුළද ඔබලා සැරිසරන්නේ
අපි පසුගිය කාලයේ 'වේදිකාවෙන් මහපොළවට' අවකාශය තුළත් 'රොයල් තැප්‍රොබේන්' එකෙත් විවිධ සංවිධාන මගින් කරන්නාවූ විකල්ප ධාරවේ සංස්කෘතිමය වැඩ සටහන් වලදි අපි අවකාශය බාවිතා කළා. ඒ වගේම අපි ඒ අවකාශය හැදුවා.ඇත්තටම මේක ලයිෆ් ස්ටයිල් එකක් විදිහට වැළඳගන්න අය ඉන්නවා.
ඔබේ දර්ශනය මොකද්ද ජනතාව ට ජීවිත විලාසිතාවක් කරගන්න තරමට බලපානු ලබන?
ඇත්තටම මේ ගෝලීය ධනවාදය සහ ප්රාග්ධනය අමතක කරලා අපිට වැඩක් කරන්න බැහැනේ.ඒක අපිට ඉහළින් ලොකු මකරෙක් වගේ ඉන්නවනේ. ඒකට එරෙහිව අපි මේ ගල් කැටයක් ගහනවා වගේ වැඩකුත් මේකෙ වෙනවා.අපිට කරන්න පුළවන් මෙච්චරයි.අපේ ගීත අතර 'යන්ත්‍රයට පන ඇවිත්' 'වෙනකෙනෙකුගේ ලොවක් තුළ වහලෙකු සේ උපන්නෙමි' ජාතිවාදයට එරෙහි ගීත වගේම,
'රටක් ඇති- හිලක් වැනී
කඳක් ඇතී -හිසක් නැතී
මිනිස් මොළ බරක් නැතී
බොහොමයක් හරක් වෙතී'
දර්ශණයක් විදිහට අපි හදාගත්ත ප්රගතිශීලී දේශපාලන නිර්ණායන ටිකක් තියෙනවා අපි ඒකට සිංදු හදලා තියෙනවා.අපේ අවකාශ්‍ය තුළ නිදහස තියෙනවා අනිත් කොන්සර්ට් වල නැති.අපි පේ්රක්ෂකාගාරය සමග සමීපයි. එහි වෙනස්ම වූ සහෝදර ආමන්ත්‍රණයක් තියෙනවා සහ ඒක කලෙක්ටිව් ස්පේස් එකක්.මිනිස්සු හුදකලාවෙන් ඈත්වෙලා අර කලෙක්ටිව් එක ඇතුළට ආවහම ඒක වෙන රසයක් වෙනවා.ඒකට මිනිස්සු කැමතියි ඇත්තටම.ඒ නිදහසට මිනිස්සු කැමතියි. ඒ වගේම මිනිස්සු ඒ නිදහස ඉල්ලනවා.
ඔබටත් පුළවන් ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් සාමුහිකයේ රසය නිදහසේ විඳින්න අද සිට දින මාර්තු 02වෙනිදා දක්වා කොට්ටාව මහල්වරාව හන්දියේදී. ඒ නිදහස් අවකාශයට ගොඩ වෙන්න.
සටහන- වත්සලා අධිකාරී
https://mirrorarts.lk/chat/4856-local-musical-band#sigProId296d9aa888