මිරර්ආර්ට්ස් වෙනුවෙන් සුලෝචනා වීරසිංහව මුණගැහෙන්න ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ගියා. ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ප්රසංශාවට ලක්වෙන කතාබහට ලක්වෙනව රංගන ශිල්පිණිය බවට පත්වෙලා. ඒ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනීට පන පොවන්නේ ඇය බැවින්.
සැබෑ ජීවිතයේ චිත්‍රාංගනී විජේවීර මහත්මිය තවමත් අප අතර ජීවමානව සිටිනවා. සුලෝ ජීවය දෙන්නේ ඒ ජීවත් වන ගැහැනියටයි.
අපි සුලෝ එක්ක කළ කතාබහයි මේ.
සුලෝ කොහොමද?
හොඳයි. හොඳින් ඉන්නවා.
කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රථිචාර?
ඇත්තටම මේ වෙද්දි ඉහළ මට්ටමේ ප්‍රථිචාර ලැබෙමින් තිබෙනවා.මම නාට්‍යක් බලන්න ගිය වෙලාවේ ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා මුණගැහුනා .මගේ රංගනය ගැන කතාකළා. සුබ පැතුවා. ඇත්තටම සතුටුයි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගෙන් එවැනි ැගයීම් ලැබෙන එක.ඒ වගේම චිත්‍රපටය දෙපාරක් තුන්පාරක් බලපු අයත් ඉන්නවා.මෑත කාලේ චිත්‍රපටයක් එහෙම බලන්න පෙළඹූනා කියන එක සතුටක්.මා රගපෑ නිසා නෙමේ කර්මාන්තයක් ලෙස ගත්තහම මේ ආකාරයේ පේ්රක්ෂාකාගාර හවුස් ෆුල් වෙන එක ගැන සතුටුයි.සිනමා කර්මාන්තයේ ප්රගමනයට එය ඉතා යහපත්.
චිත්‍රාංගනී විජේවීරගේ චරිතය රගපෑ ඔබට ලැබෙන ප්‍රථිචාර කොහොමද?
මා කළ චිත්‍රාංගනී විජේවීරගේ චරිතය පිළිබඳව පේ්රක්ෂකයින් විචාරකයින් විද්වතුන් අතර කතාබහ වෙමින් තිබෙනවා.විශේෂයෙන් කාන්තාවන් කතා කරනවා. හුගක් අය දන්නේ රෝහණ විජේවීර ගැන. මම පවා දන්නේ ඒ විප්ලව වාදියා ගැන පමණයි. නමුත් මම චිත්‍රපටය සම්බන්ධවීමෙන් තමා චිත්‍රාංගනී විජේවීර ගැන දැනගත්තේ ඇය කරන ලද කැපකිරීම් දරුවන් 06 දෙනෙක් හදාවඩා ගනිමින් ඇය කරන ලද විශාල කාර්්යබාරය ගැන මම දැනගත්තා .
මට චිත්‍රපටය සම්බන්ධයෙන් කතාකරද්දී ගොඩක් අය කිව්වෙ චිත්‍රපටය දැණුනා ඇහැට කඳුලක් ආවා කියලා. හුගක් අයගේ ඇස් තෙමිලා තිබුනා.චිත්‍රපටයක් තුළින් පේ්රක්ෂකයා එවැනි කම්පනයකට පත්කරනවා කියන්නේ මම හිතන්නේ ඒක තමා වෙන්න ඔිිනෙ කියලා.පේ්රක්ෂකයාගේ ඇතුල් හදට කතාකරනවා කියන්නේ අධක්ෂවරයත් සාර්ථකයි නිර්මාණයත් සාර්ථකයි කියන එක තමා මගේ අදහස.චිත්‍රාංගනීව කියවන්න පටන් අරන් තියෙනවා බොහෝ අය විජේවීර සහෝදරයට සමාන්තරවම.
සුලෝ ඔබ විශ්ව විද්‍යාල උපාදිිධාරිණියක්. විශ්වවිද්‍යාල ජීවිතයේ ගත කරන බොහෝ අය දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඔබ විශ්ව විශ්වවිද්‍යාලයේදී දේශපාලනට මැදිහත්වුනාද?
විශ්වවිද්‍යාලයේදී දේශපාලනය පිළිබඳ හැදෑරීමක් තිබුනා. පක්ෂ දේශපාලනය නෙමේ.මම හොස්ටල් හිටියෙ. එතෙන්දි අපිට මුණගැහුනා ජ්‍යෙෂ්ට ශිෂ්‍යයෝ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු.විශ්වවිද්‍යාලයට යද්දි මට අවුරුදු 19යි. ඒ තරුණ වයසෙ අපි අලුත් දේවල් හොයනවා දැණුම හොයනවා.මගේ හිත සමාජවාදී දේශපාලනය ට නැඹුරුවෙලා තිබුනා. මම පොඩි කාලයක් කලා සංගමයේ ලේකම් විදිහටත් වැඩ කළා.මම රැුල්ලට යන කෙනෙක් නෙමේ. මම දේශපානය ජීවිතය කරගන්න කැමතිවුනේ නැහැ.නමුත් ඒ සමාජවාදී දේශපාලන අදහස්වලට තියෙන කැමැත්ත මාතුළ තාමත් තිබෙනවා.
චිත්‍රාංගනී ගැන මොනවද හිතෙන්නේ?
ඇත්තටම මට චිත්‍රාංගනී ගැන කියවන්න ලැබෙන්නේ මේ චිත්‍රපටය කරන්න ආරාධනාව ලැබුනහම.මම ඇයව දැක්කේ පිටපත හරහා සහ ඇයගේ කටඋත්තරය තුළිනුයි.මට ඇයව මුණගැහුනෙ නැහැ.ඇයව හොයාගන්න අපහසුවුනේ නැහැ ඒ කටඋත්තරය කියවපුවහම.චිත්‍රාංගනීව ඇත්තටම මට දැනෙන්නෙ පටන් ගත්තා චරිතයට ප්රවිශ්ටවන අවස්ථාවේදී. ඇයගේ හැගීම් සහ දේවල්. ඊටත් වඩා දැනෙන්න පටන් ගත්තා චිත්‍රපටය බැලුවට පස්සේ. මම එදා මාධ්‍ය දර්ශණය නැරඹුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී. මට එදා නැගිට ගන්නත් බැරිවුනා . සමස්ථ චිත්‍රපටය නිසාම මාව කම්පනයට ලක්වුනා.මම රගපෑවා කියලා මට දැනෙන්න ගත්තෙත් නැහැ.මට ඒ ගැහැනියව තමයි දැනෙන්න ගත්තෙ. ඇය ඉතාම ප්රතාපවත් ශක්තිමත් ගැහැනියක් චිත්‍රාංගනී කියන්නේ. එහෙම නොවෙන්නේ කොහොමද?
ඇය ඉතාම අඩු වයසෙදී විවාහ ජීවිතයට ප්රවිහ්ට වෙන්නේ.අවුරුදු 22දි වගේ. ඉතාම ස්වාධීනව නිදහස්ව ජීවත්වෙන්න කැමැත්තෙන් හිටපු කෙනෙක් සහෝදරයන් එක්ක දෙමව්පියන් එක්ක කොළඹට ආසන්න මොරටුවේ නගරයේ ඇය හැදී වැඩුනු කෙනෙක් . ඇයට අවශ්‍යව තිබුනේ වැඩිදුරටත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන්න.ඇයට දේශපාලනය ගැන කැමැත්තක් තිබුනෙ නැහැ වගේම අවබෝධයක් තිබිලත් නැහැ.ඇය ඇත්තටම රෝහණ විජේවීර සමග විවිාහ බන්ධනයට එකතුවෙන්නෙ කැමැත්තකින් නෙමේ.මට ඒක ඇත්තටම කම්පාව දනවන්නක් වුනා. චිත්‍රපටය බැලුවට පස්සේ මට තවත් දැනෙන්න පටන් ගත්තා.මට ඇයව හම්බවෙන්න අවස්ථාවක් තිබනෙ නැහැ.
ඇත්තටම දැන් මම තදබල උවමනාවකින් පෙළෙනවා චිත්‍රාංගනීව විජේවීර මහත්මියව මුණගැහෙන්න.ඇය කරන ලද කැපවීම් කළ ගැහැනියක් ලංකාවේ දේශපාලනේ ඇතුළෙ හොයගන්න පුළවන්වෙයි කියලා මම හිතන්නෙ නැහැ.
විවාහයෙන් අවුරුදු 10යක කාලයදි වගේ ඇයට ඔහුව අහිමි වෙනවා. දරුවන් හය දෙනෙක් එක්ක තනිවෙනවා. නිකන් ගෙදරක තනිවෙනවා නෙමේ .ඔවුන් කඳවුරුගත වෙනවා. ඔවුන් රජයේ හමුදා බාරයේ ඉන්නෙ.මට තේරෙන්නේ නැහැ ගැහැනියක් කොහොමද ඒකට මුහුන දුන්නෙ කියලා.මට දැන් හිතද්දිත් ඒක හරිම අමාරු කාරණයක්.ඇය දරුවො හය දෙනෙක් එක්ක කොහොම ද කඳවුරක් ඇතුළෙ ජීවත්වුනේ කියලා මට හිතාගන්න බැහැ.
ඇය උදාර කාන්තාවක්. ඇය උදාර මවක්.ඇත්තටම මට ඇය කෙරෙහි අප්‍රමාන ආදරයක් ඇතිවෙලා තියෙනවා.මම කැමතියි එතුමිය චිත්‍රපටය නරඹනවනම්
ඔබට චිත්‍රාංගනීව මුණගැහුනොත් ඔබ මොනවද ඇයට කියන්නෙ?
මම මොනවද කියන්නේ . මට කියන්න දෙයක් නැහැ. මම ඇයව තදින් වැළඳ ගනියි. ඇයට වඳියි. මට කියන්නෙ දෙයක් නැතිවෙයි.
මම කැමතියි සුලෝ ඔයාගෙන් මෙහෙම අහන්න. අද සමාජේ මේ වගේ කැපවීම් කරන චිත්රාංගනීලා ඉන්නවද? ඔයාට චිත්‍රාංගනීට මුහුන දෙන්න සිදුවූ දේවල් වලට මුහුන දෙන්න වුනොත් ඔයා ඒ වගේ දරාගැනීමක් කරනවද?
මම විශ්වාස කරන්නෙ නැහැ අද කාලේ එහෙම චිත්රාංගනීලා ඉන්නවා කියලා සහ මම ගත්තත් මමත් එහෙම ඉන්නෙ නැතිවෙයි.එච්චර කැපකිරීමක් කරන්න මට බැරිවෙයි ඇත්තටම.
ඔ්නෙම ගැහැනියකට අවශ්‍යයයි ලගින් ඉන්න ආදරේ ... මට ඒ චරිතය කරද්දිත් දැණුනා ඇයට ඔිනෙ ඔහු ඇවිත් යනකොට එහෙම ළමයි දෙදෙනෙක් ලැබුනයින් පස්සේ රෝහණ විජේවීරගෙ ගෙදරට ඇරලවලා යන්න යනවා. එතොට කියනවා කෑම ටිකක් කාලා යන්න ඉන්න කියලා. ඒ වෙලාවෙ මට දැණුනෙ තව එක විනාඩියක් හිටියනම් ඉන්නවනම් කියලා... මම දන්නේ නැහැ පුරුෂ පාර්ශවයට දැනෙන්නෙ කොහොමද කියලා... මගේ පෞද්ගලික ජීවිතයේ මට හරියට ආදරේ ඔ්නෙ කෙනෙක් ආදරේ දැනෙන කෙනෙක්.හුස්මවගේ. ඒක ඔිනෙ කියලා දැනෙන හැම වෙලේම ඒක නැහැ කියලා තමයි දැනෙන්නෙ. මම හිතන්නේ නැහැ මම ඒක එච්චර දරාගෙන ඉඳියි කියලා.ඒ තරම් කැප කිරීමක් මට කරන්න බැහැ.
ඔවුන් දෙදෙනා යෝජිත විවාහයක් . ආදරේ දළු ලන්න පටන් ගන්නෙ විවාහයෙන් පස්සේ. මම හිතනවා ඒක හයියයි කියලා. ඇය කඳවුරු ජීවිතය තුළ සතුටින් හිටියද? ඇය දරුවන් වෙනුවෙන් සියල්ල දරාගනිමින් ජීවත්වෙන්න ඇති.එතුමිය හිනාවෙනවද දන්නේ නැහැ.දරුවන්ට ආදරේ නිසා හිනාවෙලා ඉන්න ඇති. මම කැමතියි ඇයත් එක්ක හිනාවෙන්න.
සංවාද සටහන මනෝහාරී හේවාවසම්