lan englan tam

විශේෂාංග

සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි - ‘Eat, Pray, Love’ (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි.

සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ.

ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ "Eat, Pray, Love'' චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත් අරන් කාලයක් ගිහින් එයාට දික්කසාද වෙන්න සිද්ධ වෙනවා. ආදරය කරලා දික්සසාද වෙන්න වෙනවා කියන්නේ ඊට වැඩිය සංකීර්ණ දෙයක් නම් තවත් නෑ.

 

EAT articleLarge

 

ඇයි ආදරය කරලා විවාහ වෙලා දෙන්නා අන්තිමට දෙපැත්තට වෙනවා කියන්නෙම සරලව කියවගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එළිසබෙත් දික්කසාදයෙන් පස්සේ ලොකු පීඩාවකට පත් වෙනවා. මේ පීඩාව නැති කරගන්න එයා ඇවිදින්න පටන් ගන්නවා. ආධ්‍යාත්මයක් සොයා ගෙන යනවා. එළිසබෙත් ඉතාලියේ රෝම අගනුවර නටබුන් අස්සේ ඇවිදිමින් අලුත් යහළුවන් එක්ක සතුටින් ගත කරන්න වෙලාව වෙන් කර ගන්නවා. ඒ විතරක් නෙවෙයි එයා ඉන්දියාවට යනවා යෝගා කරන්න.

 

1 gx 5z4q Dz9 iB5NxMtehA 

ඉන්දියාවෙන් ඊළඟට යන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට. එළිසබෙත්ට මෙන්න මෙතැනදි තමයි තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ. බාලි දුපත්වල ලස්සන විඳින්න වගේම, ඉන්දුනීසියානු දූපත්වලට ආවේණික රඹුටන්, දූරියන් කියන පළතුරුවල රහ විඳින්නත් එයා අමතක කරන්නේ නෑ. එළිසබෙත්ගේ ජීව්තයේ මඟ හැරිලා තිබුනෙම මල්, පළතුරු, ගස්වැල්, ගංගා, ඇළදොළ, මුහුදු වෙරළ එක්ක තිබ්බ සම්බන්ධය. සොබාදහම එක්ක ජීවත් වෙන්න එළිසබෙත් තීරණය කරන්නේ තමන්ගේ මානසික ප්‍රශ්නවලට බෙහෙත් විදියට.

 

roberts wide fbd26823c695f5afeb325d60e8bb8438dff540eb

 

එළිසබෙත්ගේ මේ සංචාරක ජීවිතය ඇතුළේ අපිට දකින්න පුඑවන් වෙන දේ තමයි අලුත් මිනිස්සු මුණ ගැහෙන එක. අලුත් මිනිස්සු මුණ ගැහෙනවා කියන්නේ අපේ ආත්මය ටික ටික යාවත්කාලීන කරන දෙයක්. අලුත් අත්දැකීමිවලට වගේම අලුත් රිදවීම්වලට සුදානම් වෙන්න කියලා මේ අලුත් මිනිස්සු හමුවීමත් එක්ක අපිට අණ කරනවා. එළිසබෙත් වගේම අපිටත් අපේ ජීවිත ඇතුළේ විටින් විට මිනිස්සු මුණ ගැහෙනවා. සමහර මිනිස්සු අපි ළග නතර වෙනවා. සමහර මිනිස්සු මඟින් හැරිලා යනවා ආයේ නැවත හමු නොවෙන්නම. සමහර අය කලාතුරකින් හමු වෙනවා මැරෙනතුරාවට අපි එක්ක ඉන්නම.

 

unnamed 1

 

චිත්‍රපටිය පුරා තියෙන්නේ පෙරදිගට ඇවිල්ල සුවපත් වෙන එළිසබෙත් කියන ස්ත්‍රිය ගැන. යුරෝපයේ ආහාර, සොබා සෞන්දර්ය, මිනිස් ඇසුර, භාවනාව එක්ක ජීවිතේ නැවත හොයාගන්න හැටි, පැවැත්මේ තුවාල සුවපත් කරගන්න හැටි ගැනත් තියෙනවා. අත බලලා කියන සාස්තර, දෙවියන්, අධියථාර්තය ඇතුලේ දිගහැරෙන පසු නූතන ජීවිතයක් සමඟ ආදරය නැවත හොයාගන්න හැටි ගැන චිත්‍රපටයේ ඇතුළේ කතා කරනවා.

 

එළිසබෙත්ගේ ජීවිතයත් අපේ වගේම තමයි. ආදරය කරනවා, අලුත් කෑම කනවා, දෙවියන් යදිනවා, ඇවිදිනවා, අලුත් මිතුරන් ඇතිවෙනවා. මෙි දේවල් අපේ ජීවිතය එක්ක බද්ධ වෙච්ච දේවල්. හැබැයි මිනිස් සම්බන්ධතා කොච්චර තිබුණත් සොබාදහම විඳින්න විතරක් අමතක කරන්න එපා කියලා, එළිසබෙත් අපිට දැඩිව අවධාරණය කරලා කියනවා. සොබාදහම විඳිනවා කියන්නේ වත්තේ තියෙන රෝසමලක්, සපත්තු මලක් දිහා ආදරයෙන් බලන් ඉන්නවා වගේම හවසක ගෙදර ඉස්සරහා පොල් ගස් අස්සෙන් එහෙමත් නැත්නම් අඹ ගහ ගාවින් රන්වන් පාටින් ඉර බැහැගෙන යන එක බලන් ඉන්න එකත් එක්තරා විඳිමක්.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

සටහන - මලින්ත විතානගේ

( උපුටා ගැනීම  ''Malintha Vithanage" ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 

kemadasa

Back to top
Go to bottom