-අතුලසිරි සමරකෝන්-
මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටය අරභයා ගොඩනැගෙන විචාර සංවාදය තුළ පැහැදිළි අන්තර් පඨිතමය දිශානතියක් පෙන්වයි.
ව්‍යුහවාදී මාක්ස්වාදී කතිකාව අභිබවන, ආර්ථික සාධකයට හසුනොවන පුද්ගල සබදතාව තුළ පවතින බහුවිධ මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මීය මානයන් රාශියක් විසින් එය සංකීර්ණ සෞන්දර්යාත්මක පඨිතයක් බවට පත්කරයි.
ආර්ථික භෞතිකවාදය පරයන ලුබිධිමය නැතිනම් ලිංගික හා ශෘංගාරමය සංඥාවන් සංකීර්ණයක් පවතී. මනෝවිශ්ලේෂණීයව පුද්ගලයා යනු හුදු ආර්ථික ජීවියෙක් පමණක් නොව නමුත් ආශාවේ ද ප්‍රමෝදයේ ද නිරූපනය කි.
මේ චිත්‍රපටයේ අවසන් ජවනිකාව දී අප දකින, අඩ අදුර සහ වීථි ලාම්පු ආලෝකය සමග රූගත වන වාමාංශය අතහැර ධනපතියකු වූ ව්‍යාපාරිකයා (ලක්ෂ්මන් මෙන්ඩිස්) සහ සසිතගේ තරුණ පෙම්වතිය (ගීතා අලහකෝන්) ශෘංගාරයෙන් වෙලී නවතා ඇති සුඛෝපභෝගී රථය තුළ සිටින දර්ශනය ලුබිධිමය ආර්ථිකය සහ ප්‍රමෝදය පිළීබඳ ප්‍රබල නිරූපණයකි.
සසිත නම් තරුණයාගේ (කළණ ගුණසේකර) ශ්‍රමය සූරාකෑම හරහා ව්‍යාපාරිකයා ගොඩනගන අතිරික්ත ප්‍රාග්ධනය ඔහු ආයෝජනය කරන්නේ ප්‍රමෝදය පිණිසය.
අධි සුඛෝපභෝගී වාහනයක් තුළ මැදි වයස ඉක්මවූ වැඩිහිටියෙක් තම තරුණ දියණියක් තරම් විය යුතූ ලාබාල තරුණියක් ලවා තම පුරුෂ ලිංගය මුඛ සංසර්ගයට යෙදවීම හරහා අප අත්දකින්න අනුභූතිය/ප්‍රබන්ධය යනු ආර්ථික ව්‍යූහවාදයට පමණක් හසුනොවන ලිබිඩිනල් ශෘංගාරය සහ ප්‍රමෝදය හඹායන ආර්ථික යථාර්තයකි....
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Lecturer at Open University of Sri Lanka
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)



