කලක සිට ප්‍රේක්ෂකයා බලාපොරොත්තුවෙන් සිටි චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ ‘Mr.මිසිස්’ චිත්‍රපටය, එළඹෙන නොවැම්බර් මස 20 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වන්නට නියමිතයි.
ආදරය, සිනහව, දයාව කැටිවූ පිය සෙනෙහසක කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙසයි රිදී තිරයට එක්වන්නේ.
උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, පහන්දි වල්පිට... ඇතුළු ජනකාන්ත රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
මෙහි තිර පිටපත රචනා කළේ ගිරිරාජ් කෞශල්‍ය විසින්.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මීට පෙර 'කදිර දිව්‍ය රාජ' චිත්‍රපටය නිෂ්පාදනය කළ ආචාර්ය රවී ලියනගේ විසිනි.
චිත්‍රපටයේ පළමු නිළ පූර්ව ප්‍රචාරක පටය හා චිත්‍රපටයේ අපූර්ව ගීතයක් වන "මල් හොරු" ගීතය නරඹන්න පිවිසෙන්න පහළින්>>



