රුසියාවේ කීර්තිමත්ම සිවිල් ගෞරවයක් වන "Order of Friendship" සම්මානය,
මොස්කව්හි ක්‍රෙම්ලිනයේ පැවති උත්සවයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ආචාර්ය සමන් වීරසිංහ වෙත ප්‍රධානය කොට තිබෙනවා.

රුසියාවේ ඉහළම සිවිල් ගෞරවයක් වන මෙම සම්මානය, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ආචාර්ය වීරසිංහ දරන දිගුකාලීන උත්සාහය අගයමිනුයි පිරිනමනු ලැබ ඇත්තේ.
එමෙන්ම, 2025 වර්ෂයේදී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා අචාර්ය වීරසිංහ වන අතර, මෙම ඇගයීම ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ද සනිටුහන් වෙනවා.
මොස්කව් වෛද්‍ය ඇකඩමියේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ 2015 වර්ෂයේ සිට 2018 දක්වා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරනු ලැබූ අතර, ඔහු දැනට ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගම් මධ්‍යස්ථානයේ සභාපති ලෙස ද සේවය කටයුතු කරනවා.
ඔහුගේ නායකත්වය තුළින්, ආචාර්ය වීරසිංහ දෙරට අතර සංස්කෘතික හුවමාරුව, විද්‍යාත්මක සහයෝගීතාව සහ හොඳහිත ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක නියැළී සිටිනවා.



මූලාශ්‍රය - Daily mirror



