lan englan tam

පුවත්

බ‍ර්ට්‍රම් නිහාල්ගේ නවතම සිනමා නිර්මාණය ‘දරී’ ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගම්පෙරළිය (1987), රුපියල් සත (1991), දඩබිම (1993), කඩවර (1995), අමරපුරය (2008) වැනි අපූර්ව ටෙලි නිර්මාණ රැසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ,

බ‍ර්ට්‍රම් නිහාල්ගේ නවතම සිනමා නිර්මාණය ‘දරී’ (The Cave) ළඟදීම තිරගත වන්නට සූදානම් බව වාර්තා වෙනවා.

උපනන්ද වැලිකලගේ “කර්ම චාරිකාව” සම්මානනීය නවකතාව ඇසුරිනුයි “දරී” සිනමාවට නැගී තිබෙන්නේ.

මීට රංගනයෙන්, සෞම්‍ය ලියනගේ, ප්‍රියංකර රත්නායක, වීණා ජයකොඩි, චන්දිමා කරුණාදාස, රෝහණ පතිරත්න, හසරින්ද කේසර,සංජීවන් ගුණතිලක, චමින්ද බටුකොටුව, ශ්‍රියා කළුබෝවිල... ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් එක්වෙනවා.

 

572016786 25942854908636330 3808528035472953148 n 

ඉතින්, නුදුරේදීම අපේ කාලයේ මිනිසුන්ගේ ජීවිත සජ්ජායනාව “දරී” දැකගන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ලැබෙනු ඇති.

චිත්‍රපටය පිළිබඳ හඳුන්වාදීමේ වීඩියෝව නරඹන්න පහළින්. වැඩි විස්තර සදහා පිවිසෙන්න 'BERTRAM NIHAL' යූ ටියුබ් නාළිකාව වෙත.

 

 

 

 

kemadasa

Back to top
Go to bottom