“පොප් රජු”(king of pop) යන නාමයෙන් හැදින්වෙන සුප්‍රකට ඇමරිකානු ගායකයෙකු, ගීත රචකයෙකු වූ මයිකල් ජැක්සන් ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “Michael” චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක Antoine Fuqua විසින් වන අතර ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ‘Training Day’, ‘The Equalizer’, ‘Olympus Has Fallen’ වැනි ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි.
චිත්‍රපටයේ තිර පිටපත ඔස්කාර් සම්මාන සදහා නිර්දේශිත තිර පිටපත් රචකයෙකු වන John Logan විසින් රචිතයි.
“Michael” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, මයිකල් ජැක්සන්ගේ චරිතය නිරූපණය කරන්නේ “Jaffar Jakson විසින් වන අතර ඔහු මයිකල් ජැක්සන්ගේ සහෝදරයාගේ පුත්‍රයා (nephew) වීම ද විශේෂත්වයක්.
“Michael” චිත්‍රපටය 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>



