lan englan tam

පුවත්

“රැයක් හෝ පැයක්” දැන් දිවයින පුරා සිනමා ශාලා වලදී! (නැරඹිය හැකි සිනමා ශාලා ගැන විස්තර මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පී ලාල් විරසිංහ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන චරිතයට පණ පොවණ රැයක් හෝ පැයක්” චිත්‍රපටය, දැන් දිවයින පුරා පිහිටි MPI මණ්ඩලයේ සිනමා ශලාවලදී තිරගත වෙනවා.

චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වූයේ පසුගිය 30 වනදා සිටයි.

ප්‍රේමය හමුවේ නොවෙනස් වූ පිරිමියෙකුගේ ජීවිතයක ආදරණීය පරිච්ඡේදයක් වටා ගෙතෙන “රැයක් හෝ පැයක්” චිත්‍රපටය ත්‍රාසය, කුතුහල සපිරි අපූර්ව සිනමාත්මක අත්දැකීමක් සමග කාලීන වැදගත් පණිවිඩයක් ද සමාජයට ලබා දෙන චිත්‍රපටයක්.

 

 

ඉන්දු - ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ මෙම චිත්‍රපටයට රංගනයෙන්  ලාල් වීරසිංහ ඇතුළුව චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, නොෂින් ද සිල්වා, රජිත හිරාන්, කුමාර ජයකාන්ත සමඟින් දකුණු ඉන්දීය රංගන ශිල්පීන් වන රුද්‍රා, සංජනා නයිදු, යෝගී රාම් ඇතුළු ඉන්දු - ශ්‍රී ලාංකීය ජනප්‍රිය රංගන ශිල්පින් රැසක් එක්වෙනවා.

“රැයක් හෝ පැයක්” චිත්‍රපටය නිෂ්පාදන කළේ ධනුෂි ප්‍රේමරත්න විසින් වන අතර මෙය රිදී තිරයට එක්වන්නේ එල්. ඩබ්ලිව්. ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙසයි.

ඔබටත් දැන් ළඟම සිනමා ශාලාවේදී “රැයක් හෝ පැයක්” චිත්‍රපටය නරඹන්නට එක් විය හැකියි.

 

මතු දැක්වෙන්නේ දෙවන සතිය තුළ (නොවැ.07 සිට) “රැයක් හෝ පැයක්” නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳව විස්තර සටහනයි.

(ඡායාරූප මත click කිරීමෙන් විශාල කොට නැරඹිය හැකියි)

kemadasa

Back to top
Go to bottom