lan englan tam

පුවත්

මහේන්ද්‍ර පෙරේරා සහ රන්දික ගුණතිලක "හොඳම රංගනය" උදෙසා සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී නිර්දේශ ලබයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Udithe Kahadawaarachchi-

අග්නිදිග ආසියානු කලාපයේ පැරණිතම සහ ප්‍රචලිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (SINGAPORE INTERNATIONAL FILM FESTIVAL)36 වෙනි අදියර එළෙඹෙන නොවැම්බර් මස 26 වෙනි දින සිට දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත වේ.

එහිදී උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය (ASIAN FEATURE FILM COMPETITION) නියෝජනය කිරීමට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ සහ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ "රිවර්ස්ටන්" චිත්‍රපටය සුදුසුකම් ලබා ඇති අතර, "රිවර්ස්ටන්" හී ප්‍රධාන චරිතයන්ට පණ පොවන මහේන්ද්‍ර පෙරේරා සහ රන්දික ගුණතිලක "හොඳම රංගනය" උදෙසා නිර්දේශනාම (NOMINATIONS FOR BEST PERFORMANCE) ලබා ගැනීමට සමත්ව ඇත.

574506090 1127775789338843 8939415328889304123 n

 

ප්‍රධාන තරගකාරී අංශය යටතේ තරග වැදීමට සුදුසුකම් ලැබූ චිත්‍රපට 10 තුළ සිය උපරිම රංග ප්‍රතිභාව ප්‍රදර්ශනය කරන රංගන ශිල්පිනියන් 08 දෙනෙකු සහ රංගන ශිල්පීන් 04 දෙනෙකු ලෙසින් ආසියානු කලාපීය නළු-නිළියන් 12 දෙනෙකු, රංගනය උදෙසා සිංගප්පූරු උළෙලේ පිරිනමන ඉහළම සම්මානය (SILVER SCREEN AWARD FOR BEST PERFORMANCE) වෙනුවෙන් නිර්දේශ ලබා ඇත. මෙලෙස එකම චිත්‍රපටයක රංගනය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනෙකු එකම සම්මානයක් වෙනුවෙන් නිර්දේශ වීම කැපී පෙනේ.

වර්තමාන උළෙල තුළ ස්ත්‍රී-පුරුෂ භාවය සැලකිල්ලට ගැනීමකින් තොරව රංගන විශිෂ්ටත්වය උදෙසා එක් සම්මානයක් පමණක් පිරිනැමුවද, 2008 වර්ෂයට පෙර "හොඳම නිළිය" සහ "හොඳම නළුවා" සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමුණි. ඒ අනුව එලෙස වෙන් වෙන්ව සම්මාන පිරිනැමූ කාල වකවානුව තුළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රංගනය වෙනුවෙන් සිංගප්පූරු උළෙල තුළ සම්මානනීය වීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

# හොඳම නිළිය-නීටා ප්‍රනාන්දු ("පවුරු වළලු" වෙනුවෙන්)-11 වෙනි අදියර 1998

# හොඳම නළුවා -ජෝ අබේවික්‍රම ("පුරහඳ කළුවර" වෙනුවෙන්)-12 වෙනි අදියර 1999

# හොඳම නිළිය-අනෝමා ජනාදරී ("තනි තටුවෙන් පියාඹන්න" වෙනුවෙන්)- 16 වෙනි අදියර 2003

 

1987 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ සිංගප්පූරූ සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ 19 වෙනි ශ්‍රී ලාංකේය චිත්‍රපටය "රිවර්ස්ටන්" වේ. එහි පළමුවැන්න ලෙස එච්.ඩී ප්‍රේමරත්නගේ "පාලම යට" චිත්‍රපටය 1991 වර්ෂයේදීත්, එහි 18 වැන්න ලෙස සුබා සිවකුමාරන්ගේ "හවුස් ඔෆ් මයි ෆාදර්ස්" චිත්‍රපටය 2018 වර්ෂයේදීත් උළෙලේ ප්‍රධාන අංශය යටතේ තරග වැදුනි.

"රිවර්ස්ටන්" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>

 

 

සිංගප්පූරු උළෙලට සහභාගී සඳහා එළඹෙන දෙසැම්බර් 05 වෙනිදා ලලිත් රත්නායක, මහේන්ද්‍ර පෙරේරා සහ රන්දික ගුණතිලක සිංගප්පූරුව බලා පිටත්වීමට නියමිතය.

"රිවර්ස්ටන්" චිත්‍රපටය සිංගප්පූරු උළෙලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණ යූඑල්කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් උදිත කහඳවආරච්චිගෙනි

 

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි (Udithe Lakmal Kahandawaarachchi)

Festival Link: https://sgiff.com/film/riverstone/

Randika Gunathilake Prabhath Roshan Nimanthi Poarage

 

(මෙම සටහන 'Sri Lankans at International Film Festivals' නිල ෆේස්බුක් පිටුවේ මුල්වරට පළ විය.  

kemadasa

Back to top
Go to bottom